spot_imgspot_img

පන්සලේ සොරකමට පැමිණිලිකරු අත්අඩංගුවට

කොළොන්නාව ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ ආවාස ගෙට ඇතුළුවී විහාරාධිපති හිමියන් සතු බෑගයකින් රුපියල් එක්ලක්ෂ විසිපන්දහසක් සොරා ගැනීම සම්බන්ධයෙන් පැමිණිලි කළ සේවකයාම පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 12 වනදා මෙම සොරකම සිදු වී තිබූ අතර ආවාස ගෙයි ජනෙල් වීදුරු තුනක් ගලවා ඇතුලු වී මෙම සොරකම සිදුකර ඇති බවයි කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේ.

පැමිණිලිකාර සේවකයා සම්බන්ධයෙන් පොලිසියට සැකයක් ඇති වී සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී ඔහු හෙළිකර ඇත්තේ තමාට ලැබෙන වැටුප ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙම සොරකම සිදු කළ බවයි.

පොලිසිය නොමග යැවීම සඳහා ජනෙල් වීදුරු ගැලවූ බවද සැකකරු ප්‍රකාශ කර තිබෙනවා.

63 හැවිරිදි මෙම පුද්ගලයා හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වැල්ලම්පිටිය පොලිසිය වෙත භාරදී ඇති අතර කොළඹ අපරාධ කොට්ඨාසයයි පරීක්ෂණ සිදු කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?