පන්සලේ සොරකමට පැමිණිලිකරු අත්අඩංගුවට

කොළොන්නාව ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ ආවාස ගෙට ඇතුළුවී විහාරාධිපති හිමියන් සතු බෑගයකින් රුපියල් එක්ලක්ෂ විසිපන්දහසක් සොරා ගැනීම සම්බන්ධයෙන් පැමිණිලි කළ සේවකයාම පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 12 වනදා මෙම සොරකම සිදු වී තිබූ අතර ආවාස ගෙයි ජනෙල් වීදුරු තුනක් ගලවා ඇතුලු වී මෙම සොරකම සිදුකර ඇති බවයි කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේ.

පැමිණිලිකාර සේවකයා සම්බන්ධයෙන් පොලිසියට සැකයක් ඇති වී සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී ඔහු හෙළිකර ඇත්තේ තමාට ලැබෙන වැටුප ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙම සොරකම සිදු කළ බවයි.

පොලිසිය නොමග යැවීම සඳහා ජනෙල් වීදුරු ගැලවූ බවද සැකකරු ප්‍රකාශ කර තිබෙනවා.

63 හැවිරිදි මෙම පුද්ගලයා හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වැල්ලම්පිටිය පොලිසිය වෙත භාරදී ඇති අතර කොළඹ අපරාධ කොට්ඨාසයයි පරීක්ෂණ සිදු කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14