නීති විරෝධී ලෙස නිෂ්පදනය කරන ලද කසිප්පු මිලි ලීටර් 7500 ක් සමග පොලිස් සහායකවරයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව දුම්මලසූරිය පොලීසිය කියයි.
පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ වීරකොඩියාන, කරදාවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුය.
ඉකුත් 02 වෙනිද මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
පොලිස් සහායකවරයෙකු තම නිවසේ නීති විරෝධී ලෙස කසිප්පු අලවි කිරීම සිදු කරන බවට ලද තොරතුරක් මත වැටලීම සිදු කර ඇත.එම වැටලීමේදී සැකකරුගේ නිවසේ තිබී කසිප්පු තොගය සොයා ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකියාව ලැබී ඇත.
සැකකරු කුලියාපිටිය පොලීසියේ දුෂණ මර්ධන ඒකකයේ සේවය කර ඇති බවත්,ඔහු 2017 වසරේ සිට කිසියම් අසනීප තත්ත්වයක් යැයි පවසා සේවය වාර්තා කර නැත.නමුත් එම නිලධාරියාව මේ වන තුරු විශ්‍රාම ගැන්වීමක් හෝ වැඩ තහනමට ලක් කිරීමක් සිදු කර නොමැති බව විමර්ශණ වලදී හෙලිවී ඇත.
සැකකරු කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
දුම්මලසූරිය පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.













