AFC Banner
Empty Ad
Empty Ad

නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වලටයි

මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් සමඟ පුද්ගලයෙකු වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දීප ව්‍යාප්තව සිදු කරනු ලබන යුක්තිය මෙහෙයුමට අදාලව ඊයේ (20) දින වීරවිල පොලිස් වසමේ සේනාධීර වත්ත, මෝලකැපුපතාන ප්‍රදේශයේ දී මෙම වැටලීමක් සිදුකර තිබුණා.

එහි දී වයස අවුරුදු 53ක් වූ රත්නපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු නීති විරෝධී මත්පැන් ලීටර් 6.5 ක්, ගෝඩා ලීටර් 4,725 ක්, දැවි ගෝඩා ලීටර් 150 ක් හා තඹ දඟරයක්, යකඩ බැරල් ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වීරවිල පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?