AFC Banner
Empty Ad
Empty Ad

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ 13ක් නාවික හමුදා භාරයට

ත්‍රිකුණාමලය කොක්කඩි වෙරළ ප්‍රදේශයේ සහ ෆවුල් පොයින්ට් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 13 දෙනෙකු සමඟ ඩිංගි යාත්‍රා දෙකක් ඇතුලු නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදාව, ඊයේ (14) සහ අද අළුයම් කාලයේ සිදු කළ මෙම විශේෂ මෙහෙයුමේදී තහනම් දැල් භාවිතයෙන් සහ විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදු කළ පිරිසකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ත්‍රිකුණාමලය කොක්කඩි වෙරළ ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 08ක් සමඟ ඩිංගි යාත්‍රාවක් සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගනු ලැබුවා.

එමෙන්ම, අද අළුයම් කාලයේ ත්‍රිකුණාමලය ෆවුල් පොයින්ට් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස විදුලි ආලෝක ධාරා උපයෝගී කර ගනිමින් සහ තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදු කළ පුද්ගලයින් 05ක් සමඟ ඩිංගි යාත්‍රාවක් සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයන් වයස අවුරුදු 22 ත් 49 ත් අතර වයසේ පසුවන ත්‍රීකුණාමලය, ඉල්ලන්කන්ති සහ කින්නියා යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන්.

ඔවුන් සහ නීති විරෝධී ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රීකුණාමලය සහ කොඩ්බේ ධීවර පරීක්ෂක කාර්යාලයන් වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?