නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ 13ක් නාවික හමුදා භාරයට

ත්‍රිකුණාමලය කොක්කඩි වෙරළ ප්‍රදේශයේ සහ ෆවුල් පොයින්ට් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 13 දෙනෙකු සමඟ ඩිංගි යාත්‍රා දෙකක් ඇතුලු නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදාව, ඊයේ (14) සහ අද අළුයම් කාලයේ සිදු කළ මෙම විශේෂ මෙහෙයුමේදී තහනම් දැල් භාවිතයෙන් සහ විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදු කළ පිරිසකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ත්‍රිකුණාමලය කොක්කඩි වෙරළ ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 08ක් සමඟ ඩිංගි යාත්‍රාවක් සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගනු ලැබුවා.

එමෙන්ම, අද අළුයම් කාලයේ ත්‍රිකුණාමලය ෆවුල් පොයින්ට් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස විදුලි ආලෝක ධාරා උපයෝගී කර ගනිමින් සහ තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදු කළ පුද්ගලයින් 05ක් සමඟ ඩිංගි යාත්‍රාවක් සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයන් වයස අවුරුදු 22 ත් 49 ත් අතර වයසේ පසුවන ත්‍රීකුණාමලය, ඉල්ලන්කන්ති සහ කින්නියා යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන්.

ඔවුන් සහ නීති විරෝධී ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රීකුණාමලය සහ කොඩ්බේ ධීවර පරීක්ෂක කාර්යාලයන් වෙත භාර දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53
Video thumbnail
අත තියන්නවත් බැරි අයට නීතියෙන් අත තිබ්බා - අපිට මේ Attack කරන්නේ වැඩේ හොඳට යන නිසා
06:35
Video thumbnail
ජනපති හමුවෙන්න ආ අමුත්තා - ජනපති හිනාවෙලා පිළිගත්ත හැටි
01:22
Video thumbnail
මාලිමාවේ සාගරිකා සහ තුෂාරි රටේ දැවෙන ප්‍රශ්නයට දුන් පිළිතුර - ජනතාව අපිට ජන වරමක් දුන්නා
04:39
Video thumbnail
බිමල්ගේ සැර කතාවෙන් විපක්ෂය හාන්සිවෙයි - CID එකේ ප්‍රධානියා පැලවත්තේ හිටපු කෙනෙක් නෙවෙයි
14:57
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම ගැන ලක්මාලි දුන් සැර පිළිතුර - ස්වාධීනත්වයට කිසි තර්ජනයක් වෙන්නේ නෑ
07:36