නීති විරෝධිව ආනයන කළ උඳු තොගයක් සොයා ගැනේ

නුවර ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ ආයතනය විසින් ආනයන කරන ලද බහාලුම් දෙකක් රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් සැක පිට අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේ දී ඒ තුල තිබී නීති විරෝධි ව ආනයන කිරීමට උත්සහ කරන ලද උඳු තොගයක් සොයා ගෙන තිබේ.

සැකකාර ආයතනය විසින් මෙම බහාලුම් දෙකෙහි කඩල පරිප්පු කිලෝ 48,000 ක් අඩංගු බවට රේගු ප්‍රකාශනයේ සඳහන් කර තිබුනත් එහි කඩල පරිප්පු අඩංගුව තිබී ඇත්තේ කිලෝ 9,000 ක් පමණක් වූ අතර ඉතිරි කිලෝ 39,000 උඳු අඩංගු බවට රේගු නිලධාරීන් විසින් සොයා ගන්න ලදී. මෙම උඳු තොගයේ වෙළඳපළ වටිනාකම රුපියල් 62,400,000 ක් වන බව ගණන් බලා ඇති අතර එම උඳු තොගය රේගුවට හසුනොවී නිදහස් වූවා නම් ඉන් රජයට රුපියල් 7,800,000 ක් බදු ආදායම අහිමි වීමට ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන අතර විමර්ශන අවසානයේ රේගු පරීක්ෂණය පවත්වා භාණ්ඩ සියල්ල රාජසන්තක කර සැක කරුට දඩ නියම කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38