නිශාන්තද සිල්වා රටින් පැනගිය රහස මිචෙල් බැච්ලේගේ කටාන් පනී…

පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා දැක් වූ අදහස් මෙසේය

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය, කොටින්ගේ බළල් අතක් ලෙස ක්‍රියා කරන බව බලශක්ති අමාත්‍ය පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය. ගම්මන්පිල මහතා ඒ පිළිබඳව සඳහන් කර සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 46 වන සැසිවාරයට ඉදිරිපත් කරන වාර්තාව පිළිබඳ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමිනි. එහිදී ගම්මන්පිල අමාත්‍යවරයා තවදුරටත් මෙසේ පැවසීය.

වාර්තාවේ 21 වන ඡේදයේ ආණ්ඩුවේ කටයුතු හමුදාකරණය යටතේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ලෙස සරත් වීරසේකර මැතිතුමා පත් කිරීම දක්වා තිබෙනවා. වීරසේකර මැතිතුමා ඇමති පදවියට පත් වන්නේ නාවික හමුදාවෙන් විශ්‍රාම ගෙන වසර 14කට පසුවයි. හමුදා නිලධාරියෙකු වුණත් විශ්‍රාම ගත් පසු සිවිල් පුරවැසියෙකු වෙනවා. ඕනෑම සිවිල් පුරවැසියෙකුට තිබෙන අයිතිවාසිකම් විශ්‍රාමික හමුදා නිලධාරියෙකුටත් තිබෙනවා. ඔහු ඇමති පදවියට පත් වන්නේ 2010 දී ජනතා ඡන්දයෙන් මුල් වරට පාර්ලිමේන්තුවට පත් වී වසර 10කට පසුවයි. එමෙන්ම එතුමා පසුගිය මැතිවරණයේ දී පාර්ලිමේන්තුවට පත් වන්නේ 328,000කට අධික මනාපයක් ලබා ගෙනයි. එවැනි අයෙකු ඇමති ධූරයකට පත් කිරීම හමුදාකරණය ලෙස කොමසාරිස් නෝනාට පේනවා නම් ඒක මේ රටේ ජනතාවට කළ අපහාසයක්.

22 ඡේදයේ යුද අපරාධ කළ ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ලෙස පත් කළ බවට චෝදනා කර තිබෙනවා. ඇත්තෙන්ම ශවේන්ද්‍ර සිල්වා යුද අපරාධ කළ බවට කිසිම සාක්ෂියක් ඉදිරිපත් කරන්න පසුගිය වසර 12 පුරාවට බෙදුම්වාදින් අසමත් වුණ. ඒ නිසා ශවේන්ද්‍රට නගන චෝදනාව පදනම් විරහිතයි. ඇත්තෙන්ම ශවේන්ද්‍රට යුද හමුදාපති ධූරය ලබා දුන්නේ පසුගිය ආණ්ඩුවයි. එතකොට මානව හිමිකම් කොමසාරිස්ට කිසිම ප්‍රශ්නයක් නෑ. නමුත් අපේ ආණ්ඩුව යටතේ වැඩ කරන විටයි චෝදනා පැටව් ගහන්නේ. කොමසාරිස්වරිය කොටි බළල් අතක් බව මේකෙන්ම පෙනෙනවා.

25 ජේදයේ දී නව ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා ආණ්ඩුව විද්වත් කමිටුවක් පත් කළ බවත් එකී කමිටුව මානව හිමිකම් කොමිසම අවධාරණය කර ඇති පරිදි තව දුරටත් බලය බෙදීමට කටයුතු කළ යුතු බවට සඳහන් කර තිබෙනවා. ලෝකයේ සාතිශය බහුතරයක් රටවල් ඒකීය රාජ්‍යයන්. ඒවායින් බහුතරයක අපේ පලාත් සභා වැනි බලය බෙදීමක් වත් නෑ. එවැනි පසුබිමක ඒ රටවලට කිසිම බලය බෙදීමක් කිරීමට උපදෙස් නොදී ලංකාව පස්සෙන්ම පන්නන්නේ ඇයිදැයි කොමසාරිස් නෝනා අපට පැවසිය යුතුයි.

28 ජේදයේ දී පලි ගනීවි යැයි බියෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා ලංකාවෙන් පලා ගිය බවට ලියා තිබෙනවා. නිශාන්ත ද සිල්වා පැන ගියේ ඔහුට බොරු සාක්ෂි සැකසීම පිළිබඳ පැහැදිලි චෝදනා තිබෙන නිසා. ඔහු අද අතුරුදහන් වී සිටියත් පැනලා ගියේ ඇයි කියලා අපිවත් දන්නේ නෑ. හැබැයි ඒක කොමසාරිස් නෝනා දන්නවා. ඒ නිසා නිශාන්ත ද සිල්වා පැන යෑම පිටුපස අදිසි හස්තය කොමසාරිස් නෝනා ද කියන සාධාරණ සැකය අපට මතු වෙනවා.

මෙම මාධ්‍ය හමුව සඳහා පිවිතුරු හෙළ උරුමය ප්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක , පිවිතුරු හෙළ උරුමය තරුණ ලේකම් ඉරංග විද්වත් යන මහත්වරුන් ද සහභාගී විය.

– midea unit

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් හොල්මන් වුණු හිටපු මන්ත්‍රීවරුන්ගේ ගුණ වර්ණනාව - ඔබතුමා වැඩකාරයෙක් - ජනපති වෙන්න ඕනි
01:20
Video thumbnail
පොඩි කොල්ලෝ හෙල්මට් නැතුව සද්දෙත් දාගෙන බයික් එකෙන් දැම්ම සෙල්ලම.."අද නම් පුතේ ඉවරයි"
00:42
Video thumbnail
අගමැති හරිනි එළියට ඇවිත් කිව්ව දේ - කතා කරන්න ඕනි නෑනේ..වැඩේ වෙනවා
02:06
Video thumbnail
සලේ හඬා වැටෙමින් තම පුතුට කී කතාව ගම්මන්පිළගෙන් එළියට දායි - මම කරපු වරද මොකක්ද ?
04:06
Video thumbnail
සුරේෂ් සලේට කන්න දෙන විදිය හෙළිකරන ගම්මන්පිල - බිමට පත්තර කොළ දාලා දෙන්නේ
03:31
Video thumbnail
වැඩිහිටි නිවාසය ගැන මාස 04කට කලින් ලියූ ප්‍රාදේශීය ලේකම්ගේ ලිපියක් එළියට..ම#ණ කිහිපයක් වෙලා
04:58
Video thumbnail
ආහාර හිඟයක් එනවා ඉස්සරහට..ලංකාවට වෙන්න යන විනාශය අමරවීර කියයි
01:31
Video thumbnail
"වෙපන් එකට අත තියන්න එපා..උඹ ලොක්කෙක්ද"පොලිසියට සැර සත්තමක් දැම්ම චණ්ඩි අයියා
02:58
Video thumbnail
සුනක සුසාන භූමියට එරෙහිව මිනිස්සු ගාලු මුවදොරට බහියි - ජනපති ඉන්නේ ඇස් කන් වහගෙනද ?
05:08
Video thumbnail
නාමල්ගේ පුංචි පුතා කේසර හිරේ දානවලු ? හොරු ඉන්නවනම් අල්ලලා හිරේ දාන්න - තිස්සකුට්ටි අභියෝග කරයි
03:47