නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක් අතර තුර ගැටුමක් (ඡායාරූප)

කිලිනොච්චිය, ශාන්තිපුරම්, කලෙයිමගල් විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය අතරතුර ඊයේ (30) ඇතිවූ ගැටුමකින් පස්දෙනෙකු තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

තුවාල ලැබුවන් අතර පාසල් දැරියන් දෙදෙනෙකු හා ප්‍රදේශයේ තරුණයින් තිදෙනෙකු වන බව කිලිනොච්චිය පොලිසිය පැවසුවා.

නිවාසාන්තර ක්‍රීඩා උත්සවය බැලීමට පැමිණි තරුණ දෙපාර්ශවයක් අතර ඊයේ බහින්බස් වීමක් සිදුවී ඇති අතර එය පසුව ගුටි බැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් ඇති බව පොලිසිය පැවසුවා.

තරුණයින් ලී හා යකඩ බටවලින්ද පහරදීමක් සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.

ගැටුමට සම්බන්ධ පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද (31) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?