නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක් අතර තුර ගැටුමක් (ඡායාරූප)

කිලිනොච්චිය, ශාන්තිපුරම්, කලෙයිමගල් විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය අතරතුර ඊයේ (30) ඇතිවූ ගැටුමකින් පස්දෙනෙකු තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

තුවාල ලැබුවන් අතර පාසල් දැරියන් දෙදෙනෙකු හා ප්‍රදේශයේ තරුණයින් තිදෙනෙකු වන බව කිලිනොච්චිය පොලිසිය පැවසුවා.

නිවාසාන්තර ක්‍රීඩා උත්සවය බැලීමට පැමිණි තරුණ දෙපාර්ශවයක් අතර ඊයේ බහින්බස් වීමක් සිදුවී ඇති අතර එය පසුව ගුටි බැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් ඇති බව පොලිසිය පැවසුවා.

තරුණයින් ලී හා යකඩ බටවලින්ද පහරදීමක් සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.

ගැටුමට සම්බන්ධ පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද (31) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නඩු නැති පිරිසිදුම කණ්ඩායම ඉන්නේ සජිත් එක්ක
01:03
Video thumbnail
ගවයින්ට බොන්න ජලය ලබා ගන්න වැව් මැද වලවල් හාරන මොණරාගල මිනිස්සු
00:59
Video thumbnail
නානුඔය දුම්රිය ස්ථානයේ සංචාරකයින් වෙනුවෙන් කෝපි දන්සලක්
01:13
Video thumbnail
විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ආණ්ඩුවට ප්‍රශංසා..ජනපතිගේ තීරණ නිසා මේක සාර්ථක වුණේ..
06:14
Video thumbnail
රුවන්වැලි මහා සෑය බැතිමතුන්ගෙන් පිරී ඉතිරී යයි
00:32
Video thumbnail
ඔබතුමා හිතාමතා ජනතාව නොමඟ යවනවා..කියන්නේ බොරු..කිසි දෙයක් කරලා නෑ
08:54
Video thumbnail
දින 10ක් වයසැති බිළිඳෙකු සහ කාන්තාවන් දෙදෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
00:39
Video thumbnail
මාධ්‍ය හමුවෙදි සීලරතන හිමිට එකපාරම වුණ දේ..කොට්ටහට්ටි නටන කාලෙනේ ඕන එකක් නටාගන්න
06:55
Video thumbnail
නුවරඑළිය හවුස් ෆුල්
01:13
Video thumbnail
Dasatha Vimasuma|ජනතාවගෙන් ආණ්ඩුවට දැඩි චෝදනා..අවු:5කට සැරයක් අපි කෝටිපතියො බිහිකරනවා
03:42