Fly high Get bonus Aviator Phone

නිල ඡන්ද පත්‍රිකා 86ක් ළඟ තබා ගැනීමේ චෝදනාවකට ඡන්ද අපේක්ෂිකාවක් අත්අඩංගුවට

නිල ඡන්ද පත්‍රිකා 86ක් සිය සන්තකයේ තබාගෙන සිටි බව කියන පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂිකාවක් පුත්තලම පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, ඊයේ (23) රාත්‍රී 10.30ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම, තිල්අඩිය – රත්මල්යාය පදිංචි 61 හැවිරිදි කාන්තාවක්.

තැපැල්කරු නිල ඡන්ද පත්‍රිකා බෙදාදීමට පැමිණි අවස්ථාවේ ප්‍රදේශයේ පදිංචිකරුවන් දානමය කටයුත්තක් සඳහා ගොස් සිටි බවත්, එම හේතුවෙන් නිල ඡන්ද පත්‍රිකා සියල්ල බෙදා දීම සඳහා තමන්ට භාර දුන් බවත් අත්අඩංගුවට ගෙන ඇති කාන්තාව පොලීසියට පවසා තිබෙනවා.

පුත්තම දිසා ලේකම් කාර්යාලයේ මැතිවරණ පැමිණිලි අංශය භාර සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට ලැබී තිබූ තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?