මඩකලපුව ප්‍රදේශයේ මත්පැන් හල් දෙකකින් නොමිලේ මත්පැන් බෝතල් රැගෙන ගිය වාකරේ පොලිස් පරීක්‍ෂකවරයාගේ සේවය තහනම් කර තිබෙනවා.
මෙම පොලිස් නිලධාරියා නිල ඇඳුම ඇඳගෙන ගොස් මෙලෙස නොමිලේ භාගේ බෝතල් දෙකක් රැගෙන ගොස් තිබේ.
මෙම පොලිස් පරීක්‍ෂකවරයා නිවාඩු ලබාගෙන ආපසු පොලිස් රාජකාරිය වාර්තා කිරීමට එද්දී මෙම මත්පැන් බාගේ බෝතල් දෙක රැගෙන ගොස් තිබේ.
මෙම පොලිස් පරීක්‍ෂකවරයා එම සිද්ධියෙන් පසු රෝහල් ගතවී සිටින බව වාකරේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය. මෙම පොලිස් පරීක්‍ෂකවරයා වාකරේ පොලිසියේ ප්‍රජා ඒකකය භාරව ක්‍රියා කළ අයෙකි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
4
+1
1
+1
+1
1
+1
2