Fly high Get bonus Aviator Phone

නිරෝදායනය වෙමින් සිටි අයෙකු දිවි නසා ගනී

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් නිවෙස තුළ නිරෝධායනය කර සිටි පුද්ගලයෙකු සියදිවි නසාගෙන ඇති බව මත්තේගොඩ පොලීසිය පවසනවා.

සිය නිවස පිටුපස කොස් ගසක ගෙල වැළලාගෙන මොහු දිවි නසාගෙන ඇත්තේ පෙරේදා (11) දිනයේ යි.

පොල්ගස් ඕවිට, කිරිගම්පමුණුව පදිංචිව සිටි 54 හැවිරිදි අයෙකු මෙලෙස මියගොස් තිබෙනවා. 

පසුගිය අලුත් අවුරුදු සමයේ දී මොහු බීමතින් යතුරුපැදියක් පැදවීමේ වරදට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවන අතර මෙම පුද්ගලයා සතුව රියැදුරු බලපත‍්‍රයක් ද නොමැති බව අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට පත් ඔහු පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහි දී රුපියල් 50,000ක දඩ මුදලක් නියම වී ඇති බව සඳහන්.

කෙසේ වෙතත් එම මුදල ගෙවාගත නොහැකිවීම හේතුවෙන් මෙම පුද්ගලයාට බන්ධනාගාරගත වීමට සිදුව තිබෙනවා.

පසුගිය 04 වැනි දා බන්ධනාගාරයෙන් නිදහස්ව නිවසට පැමිණීමත් සමග නිරෝධායන නීතිය අනුව මෙම පුද්ගලයාව දින 14 ක් නිරෝධායනයට ලක්කර තිබුණු අතර ඔහු සිය නිවස පිටුපස කොස් ගසක අඩි තිහක පමණ උසින් පිහිටි අත්තක ගෙල වැළලා ගෙන සිය දිවි හානි කරගෙන තිබූයේ එම නිරෝදායන කාලය අතරතුර යි.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය, කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට රැගෙන යන ලෙස හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු පාරින්ද කොටුගොඩ මහතා පොලිසියට නියෝග කළා.

සිරුරෙහි PCR පරීක්‍ෂණ වාර්තාව ලැබීමෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි. 

සිද්ධිය සම්බන්ධයෙන් මත්තෙගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ටිල්වින් සහෝදරයා අවුරුදු 7 ක් හිරේ, ඒක අමතක කරන්න බෑ
17:25
Video thumbnail
විපක්ෂය සහාය දෙන්න පළාත් පාලන පිහිටුවන්න - නකුටට ඕනේ විදිහට බල්ලා නටවන්න හදන්න එපා
10:16
Video thumbnail
උඹලගේ ළඟ වාඩිවෙලා ඉන්න එකා ඇමතිවරයෙක් - ටිල්වින්ගෙන් සැර කතාවක්
07:17
Video thumbnail
කිසිවක් කරගන්න වෙලාවක් නැහැ - දක්ෂිණ අධිවේගී සේවා පියසේදී සිදුවුණු කරදරය
01:23
Video thumbnail
සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ
01:57
Video thumbnail
දඩ කොල වෙනුවට කඩල කන්න දෙන අමුතු පොලිසිය
02:10
Video thumbnail
දේවතා සාරිය ලක්ෂ 9 ට වෙන්දේසි වෙයි - මිනිස්සු මුහුණට මුහුණ බලාගනියි
02:16
Video thumbnail
කසිප්පු විකුණපු කට්ටියට බඩුම තමයි - පොලිසියත් වටකරගෙන ගම්මු මහ මග යකා නටයි
02:33
Video thumbnail
රේගුවෙන් පන්නපු කන්ටේනර් ගැන ඇහෙන අලුත්ම කතාව
04:55
Video thumbnail
නාමල්ගේ ලම්බෝගීනි ගේන්න කියලා පොහොට්ටුවෙන්ම පැමිණිල්ලක්
10:46

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?