නියෝජ්‍ය ආරක්‍ෂක ඇමති සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සංචාරයක

නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසු සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ තම ප්‍රථම නිල සංචාරය සිදු කරමින් නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය (විශ්‍රාමික) මේජර් ජෙනරල් අරුණ ජයසේකර පසුගිය (11 වැනිදා) මොරටුවේ පිහිටි සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත පැමිණියා.

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් (විශ්‍රාමික) මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දු විසින් නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා පිළිගනු ලැබුවා.

ඉන් අනතුරුව සිවිල් ආරක්‍ෂක බලකයේ අධ්‍යක්‍ෂකවරුන් හා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේ දී, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ඉදිරි සැලසුම් සහ එහි රාජකාරීන් පිළිබඳව අමාත්‍යවරයාව දැනුවත් කිරීමක් සිදු කරන ලද අතර, අනතුරුව පැවති සිවිල් ආරක්‍ෂක දෙපාර්තුමේන්තුවේ රාජකාරීන් හි නියුතු සාමාජිකයින් අමතමින් වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා රටේ සංවර්ධනයට සහ ආර්ථිකයට ඔවුන් දක්වන දැවැන්ත දායකත්වය පිළිබඳ ඇගයීමක් සිදු කෙරුණා.

සහයෝගීතාව, එකමුතුකම සහ විනිවිදභාව පෙරදැරී කරගනිමින් මහජන අපේක්‍ෂාවන් ඉටු කිරීම උදෙසා වන රජයේ වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යාමට අප සියලුදෙනා පුරවැසියන් සහ මහජන සේවකයින් ලෙස සියලු භේද නොතකා කටයුතු කිරිමේ වැදගත්කම මුලස්ථානයේ සිටි සියලුම කාර්ය මණ්ඩලය අමතමින් අවධාරණය කළ අමාත්‍යයවරයා ‘Clean Sri Lanka’ වැඩසටහනේ අභිමතාර්ථ සාක්ෂාත් කරගනිමින් ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ‘සුවහසක් ශ්‍රී ලාංකික ජනතාවට උරුමකර දීමට ප්‍රායෝගිකව පිළිවෙතින් පෙළ ගැසීම ස්වකීය සේවා කාර්යභාරයට ඇතුළත් කර ගැනීම යෝග්‍ය බව ද, සියලු දෙනා හමුවේ ප්‍රකාශ කර ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ.

නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා මෙම සංචාරය අතරතුර සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ පැවති සියළු නිළ තේ පැන් සංග්‍රහයකට සහභාගි වෙමින් එහි සමාජිකයින් සමඟ සුහඳ කතාබහක නිරත වූ අතර, සිවිල් ආරක්‍ෂක බලකායේ අධ්‍යක්‍ෂක ජෙනරාල්වරයාගේ කාර්යාලයේදී ඔහු සමඟ අනෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සාකච්ඡාවකද, නිරත විය.

අමාත්‍යවරයාගේ සංචාරය සංකේතවත් කරමින් මෙම අවස්ථාවේ සමරු තිළිණ හුවමාරුවක්ද, සිදු වූ අතර උත්සව කටයුතු අවසානයේ අමුත්තන්ගේ පොතේ සටහනක් තබමින් එම බළකාය ඇගයීමට ලක් කිරීමටද, නියෝජ්‍ය ආරක්‍ෂක අමත්‍යවරයා කටයුතු කරන ලදි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුදල් ලේකම් හෙට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..එක දවසක්වත් තාම මුදල් කමිටුවට ඇවිත් නෑ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57
Video thumbnail
ආලෝකා කියලා රැවටිලා මිනිස්සු වෙන බල්ලෙක්ට වඳියි
00:34
Video thumbnail
ආලෝකා කියලා රැවටිලා මිනිස්සු වෙන බල්ලෙක්ට වඳියි.."බුදුන් වහන්සේ නෙවෙයි මේ"
00:56
Video thumbnail
බස් රථයක් ප්‍රපාතයකට පෙරලි පාසල් ළමුන් ඇතුළු 20කට තුවාල - තුවාලකරුවන් වේදනාවෙන් කෑගහයි
01:27
Video thumbnail
හිටපු ජනපති රනිල්ගේ නඩුවට අද ලැබුණු නියෝගය මෙන්න..සැකකරුවන්ට අධිචෝදනා ඉදිරිපත් කිරීමට සූදානම්
02:29