නියඟයේ වගා හානි තක්සේරු කිරීම අරඹන ලෙස කෘෂි ඇමතිගෙන් උපදෙස්

නියඟය හේතුවෙන් වී වගාවට සිදුව ඇති හානිය තක්සේරු කිරීම ආරම්භ කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ, අනුව දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි නියඟයේ බලපෑම හේතුවෙන් වී වගාවට සිදුව ඇති හානිය පිළිබඳව තක්සේරු කිරීම ආරම්භ කරන ලෙසයි උපදෙස් දී ඇත්තේ.

මේ අතර පසුගිය වසරේ දී රුපියල් රුපියල් බිලියන 1.75 ක් කෘෂි රක්ෂණ මණ්ඩලයෙන් වන්දි ලෙස ලබා දී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා පවසන්නේ.

අනුරාධපුර, ඉපලෝගම, කටුවැල්ලාගම වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භාකරමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍ය මහින්ද අමරවීර,

“මෙම වසරේ දී වන්දි කොච්චර ගෙවන්න වෙයිද කියලා අපිට හිතාගන්න බෑ. නමුත් කොතරම් අමාරු වුණත්, රජය කොතරම් මුල්‍ය දුෂ්කරතාවක හිටියත්ල අපි ගොවිජනතාව ගොවිතැනට ගිහින් හානියක් වුණොත් ඒ සඳහා වන්දියක් ලබාදෙන්න සිද්ධ වෙනවා. වන්දියක් ප්‍රමාණවත් වෙන්නේ නැති බව ඇත්ත, අපි දන්නවා ගොවිජනතාවගේ බලාපොරොත්තුව කිසිම තැනක වගා හානි වුණාම, වතුර නැති වුණාම වන්දියක් අරගෙන පැත්තකට වෙන්න නෙමෙයි, එයාලට අවශ්‍යය අස්වැන්න නෙලාගන්න. මේ පිළිබඳව තියෙන ගැටලු පිළිබඳව දැන් අපි අවධානය යොමු කරමින් ඉන්නවා.සහල් අතිරික්තයක් බලාපොරොත්තු වුණ අපිට දැන් සහල් හිඟයක් එයි කියලා සැකයක් මතු වෙලා තියෙනවා.එය කළමණාකරණය කරගන්න අවශ්‍යය පියවර අපි දැනටමත් ගන්නවා. සත්ත්ව ආහාර සඳහා පහුගිය කාළයේම දුන්නේ. හාල්, බියර් හදන්නත් දුන්නා. අපේ ගොවීන් වැඩිපුර නිෂ්පාදනය කරපු නිසා, දැන් අපි ඒවා නතර කරනවා. එතකොට යම් ප්‍රමාණයක් ඉතුරු වෙනවා. ඒකත් එක්ක මේක කළමණාකරනය කරගන්න හැකිවෙයි. ඒ නිසා ගොවිජනතාවගෙන් ඉල්ලා සිටින්නේ හැකි තැනක කන්න පුලුවන් දේවල් අපි වගා කරමු.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23