නිපන්දු යැවූ අර්ෂ්දීප් සිංට තරගයෙන් පසු පාණ්ඩ්‍යා කියාදුන් පාඩම

ඕනෑම ආකෘතියේ තරගයක දී නිපන්දු යැවීම අපරාධයක් බව ඉන්දීය නායක හර්දික් පාණ්ඩ්‍යා සඳහන් කරනවා.

තරගයෙන් පසු පැවති සම්මුඛ සාකච්ඡාවේ දී පාණ්ඩ්‍යා මේ බව පවසා සිටියා.

තමන් මෙලෙස සඳහන් කරන්නේ අර්ෂ්දීප් සිංට දොස් පැවරීමට නොව මෙම තරුණ වේග පන්දු යවන්නා ආපසු ගොස් ඔහුගේ මූලික වැරදි නිවැරදි කළ යුතු බවට දන්වමින් බවයි පාණ්ඩ්‍යා වැඩිදුරටත් සඳහන් කළේ.

ශ්‍රී ලංකාව තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය 1-1ක් ලෙස සම කරද්දී ඉන්දියාව දෙවැනි විස්සයි විස්ස තරගය ලකුණු 16 කින් පරාජයට පත් වුණා.

මේ අතර ඊයේ තරගයේ දී ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක අර්ෂ්දීප් සිං දැඩි ප්‍රහාරයකට ලක්වූ අතර, ඔහු යැවූ පන්දුවාර 02 තුළ දී ලකුණු 37ක් උදුරා ගන්නට ශ්‍රී ලංකා පිතිකරුවන්ට හැකියාව ලැබුණා.

අර්ෂ්දීප් සිං ඊයේ දිනයේ දී නිපන්දු පමණක් 05ක් යොමුකළ අතර, ඔහුගේ පන්දුවාර 02 තුළ හතරේ පහර 03ක් සහ හයේ පහර 02ක් ද ශ්‍රී ලංකා පිතිකරුවන් විසින් එල්ල කරනු ලැබුවා.

“ඔබට හොඳ දවසක් ගත කළ හැකිය, ඔබට නරක දවසක් ගත කළ හැකිය, නමුත් ඔබ මූලික කරුණු වලින් ඉවත් නොවිය යුතුය. අර්ෂ්දීප්ට මෙම තත්ත්වය තුළ එය ඉතා අපහසුයි. අතීතයේදී ද ඔහු නොබෝල් යවා තිබෙනවා.”

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාණ්ඩ්‍යා පවසා සිටියේ පන්දුවට පහරදීමේ දී ඉන්දියාව පවර්ප්ලේ අවස්ථාවල දී අවශ්‍ය ලකුණු මට්ටමට නොපැමිණෙන බවයි.

“පන්දු යැවීමේ දී සහ පිතිකරණයේ දී, පවර්ප්ලේ අපට අමාරු වුණා. අපි මේ මට්ටමේදී නොකළ යුතු මූලික වැරදි කිහිපයක් කළා, හැමෝම දන්නවා ඒ මොකක්ද කියලා. අපිට පාලනය කරන්න පුළුවන් දේ ගැන අපි අවධානය යොමු කළ යුතුයි. ” ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

එමෙන්ම ඊයේ තරගයේ දී ජාත්‍යන්තර විස්සයි විස්ස වරම් හිමිකරගත් රාහුල් ත්‍රිපාති අංක තුන ස්ථානයේ පිතිකරණයට එවීම සම්බන්ධයෙන් ද පාණ්ඩ්‍යා අදහස් දක්වා සිටියා.

“රාහුල් අංක 03 ක්‍රීඩා කිරීමට පුරුදු වී සිටින කෙනෙක්, කවුරුන් හෝ කණ්ඩායමට පැමිණෙන විට, ඔවුන්ට පහසු භූමිකාවක් ලබාදීමට අපට අවශ්‍යයි. ඒ නිසා ඔහු අංක 03 පිතිකරණයට කැඳෙව්වා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Ambulance එකක් ත්‍රීවිල් එකක වැ# සිදුවූ අනතුර..ත්‍රීවිල් රියදුරු එතනම එළොව ගිහින්
01:10
Video thumbnail
ඉන්නේ අමු ගො#න් මී කට්ටියක්..ගො#න් බස් දෙසන්නේ..හරින් කට උත්තර නැතිවෙන්න ග#පු හින්ට් එක
04:21
Video thumbnail
අරක දෙන්නම් මේක දෙන්නම් කිව්වා දුන්න රෙද්දක් නෑ..රජයේ ව්‍යාපෘතියක් නිසා ගම්මු කුපිත වෙයි
06:04
Video thumbnail
මෝ# තීරණ කවුරු ගන්නවද දන්නේ නෑ.. දුම්‍ රිය නැවැත්වීම නිසා ජනතාව දැඩි අපහසුතාවයට පත්වුණා..
04:21
Video thumbnail
PUCSL අදහස් දැක්වීමට ගිහින් විපක්ෂ නායක කෙළින්ම කියයි..පොඩි මනුස්සයාගේ බඩට ග#න ප්‍රතිපත්තියක් මේ
11:23
Video thumbnail
හෙට ඉදලා ඔත්තේ ඉරට්ටේ අංකවලට තමයි තෙල් දෙන්නේ..කළබල වෙන්නේ නැතුව අද ගිහින් නිදාගන්න හෙට තෙල් දෙනවා
02:22
Video thumbnail
🔴Breaking News
03:48
Video thumbnail
වීරවිල සිදුවූ බිහිසුණු බස් අනතුරෙන් 4 දෙනෙකුට දිවි අහිමිවෙයි..40කට තුවාල..මෙන්න එහි නවතම දර්ශන
01:03
Video thumbnail
🔴Breaking News
01:30
Video thumbnail
සපිරි ගමක් කරන්න අපි ආවේ සුපිරි වැඩක් කරලා වැඩේ අවසන් කරනවා..තියෙනවා තමයි මාස ගණන්වලට තෙල්
03:54