නින්ජා මිසයිලයෙන් අවසන් ගමන් ගිය දොස්තර

ඔසාමා බින් ලාඩන් මරා දැමීම සඳහා ක්‍රියාත්මක වූ මෙහෙයුම නම්කර තිබුණේ Neptune Spear ලෙසිනි.

මෙම මෙහෙයුමට අණ ලැබුණේ 2011 අප්‍රේල් 11 වෙනි දා උදෑසන යි. නමුත් එයට පෙර අණ ලැබෙන ඕනෑම මොහොතක මෙහෙයුමේ යෙදීමට මෙම භට පිරිස් සූදානමින් තබා තිබිණි.

මෙම මෙහෙයුම භාරව සිටි සී.අයි.ඒ. ප්‍රධානියා වූ ලියොන් පනෙටා පැවසුවේ නාවික සීල් භටයන් 25 දෙනෙක් මෙයට සහභාගි කරවූ බවත් පහසුකම් සපිරි යුද හෙලිකොප්ටර් 2ක් එයට යොදා ගන්නා ලද බවයි.

එම මෙහෙයුමට ලබා දී තිබූ කාලය මිනිත්තු 40ක් පමණි. ‘නෝ ඊසි ඩේ’ (‘No Easy Day,’) කෘතිය ලියා ඇත්තේ ඔසාමා බින් ලාඩන් ඉලක්ක කොට දියත් කළ මෙහෙයුමේ ක්‍රියා කළ ඇමෙරිකානු නාවික හමුදාවේ හිටපු නිලධාරියකු වූ මැට් බිස්සොනෙට් විසින් සිය අත්දැකීම් මත පදනම්වයි. 2012 වසරේ ඇමෙරිකාවේ වැඩියෙන්ම අලෙවි වූ කෘතිය එයයි.

කෙසේ නමුත් ඔසාමාගේ මරණයෙන් වසර 11කට පසුව එවක ඔහුගේ දෙවනියා වූ වත්මනේ අල්කයිඩා නායකයා වන අයිමන් අල්-සවාහිරි ඇෆ්ගනිස්ථානයේදී ඝාතනය කිරීමට සී.අයි.ඒ. සංවිධානය සමත්ව තිබේ.

මොහුගේ හිසට ඩොලර් මිලියන 25 ක ත්‍යාගයක් වෙන්කර තිබූ අතර ඊජිප්තු ජාතික ශල්‍ය වෛද්‍යවරයකු වූ සවාහිරි, 2001 සැප්තැම්බර් 11 වැනි දින ඇමෙරිකාවට එල්ලවූ මාරාන්තික ප්‍රහාරය සම්බන්ධීකරණය කළ මහ මොළකරුවෙකි.

කාබුල් අගනුවර පිහිටි අල්කයිඩා නායකයාගේ ආරක්ෂිත නිවාසයට ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල වූයේ ඉරිදා උදෑසන දේශීය වේලාවෙන් උදේ 6:18 පමණය.

මේ අවස්ථාවේ ඔහු නිවසේ බැල්කනියේ සිටි ඇති අතර මාරාන්තික “හෙල් ෆයර් නින්ජා” මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කර ඇත.

මේ ප්‍රහාරයෙන් එම නිවසේ සිටි අන් අයට හානියක් සිදුව නොමැත. සවාහිරිගේ මරණය පිළිබඳව මෑත වසරවලදී කිහිප වතාවක්ම කටකතා පැතිර ගිය අතර, ඔහු දිගු කලක් දුර්වල සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූ බව වාර්තා විය.

මෙම ඩ්‍රෝන් ප්‍රහාරය 2021 අගෝස්තු මාසයේදී එක්සත් ජනපද හමුදා සහ ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන් කාබුල් හැර ගිය පසු එල්ල කළ පළමු ප්‍රහාරයයි. සවාහිරිගේ බිරිඳ, දියණිය සහ ඇගේ දරුවන් කාබුල්හි ආරක්ෂිත නිවසකට ගොස් ඇති බව ඇමෙරිකානු බුද්ධි අංශ මේ වසරේ මුලදී සොයාගෙන ඇති අතර, පසුව 71 හැවිරිදි අල්කයිඩා නායකයා ද එහි සිටි බව තහවුරු කර ගෙන ඇත.

“සවාහිරි එම ස්ථානයට පැමිණි පසු, ඔහු කිසි විටෙකත් ආරක්ෂිත නිවසින් පිටව ගිය බවක් අපි නොදනිමු,” ඇමෙරිකානු බුද්ධි අංශ ප්‍රධානියෙක් පවසා තිබේ. මේ ත්‍රස්ත නායකයා එම නිවසේ බැල්කනියේ සිටින අයුරු කිහිප වතාවක්ම හඳුනාගෙන ඇති අතර, අවසානයේ ඔහුට පහරදීමට ජනපති අවසරය ලැබී තිබේ. ඔහු දිගටම නිවසේ සිට වීඩියෝ දර්ශන ඉදිරියේදී මුදාහැරිය හැකි බව එම බුද්ධි අංශ නිලධාරියා පවසා තිබේ.

මෙම ප්‍රහාරය සඳහා සී.අයි.ඒ. සංවිධානය පුරා මාස හයක් තිස්සේ බුද්ධි මෙහෙයුමක් දියත් කර තිබිණි.

සෙසු ජ්‍යෙෂ්ඨ අල් කයිඩා සාමාජිකයන් සමඟ, සවාහිරි 2000 ඔක්තෝම්බර් 12 වන දින යේමනයේ USS කෝල් නාවික යාත්‍රාවට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර තිබූ අතර එමඟින් එක්සත් ජනපද නාවිකයන් 17 දෙනකු මියගොස් තවත් 30 දෙනකුට වැඩි පිරිසකට තුවාල විය.

1998 අගෝස්තු 7 වන දින, පුද්ගලයන් 224 දෙනකුට මරු කැඳවමින් සහ තවත් 5,000කට වැඩි පිරිසකට තුවාල සිදු කළ කෙන්යාවේ සහ ටැන්සානියාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලවලට ප්‍රහාරය පිටුපස අයිමන් අල්-සවාහිරි භූමිකාව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබිණි.

2011 ජුනි මාසයේදී අල් කයිඩා සංවිධානයේ නායකයා ලෙස අයිමන් අල්-සවාහිරි පත්කළ බව එම සංවිධානය නිවේදනය කර තිබිණි.

ඇමෙරිකාවට හා ඊශ්‍රායලයට එරෙහිව දිගින් දිගටම මෙහෙයුම් කරන බවත් එම සංවිධානය මීට වසර 11කට පෙර නිවේදනය කර තිබිණි. ඉදිරියේදී බිහිවන නව නායකයා කවුද යන්න අපට පැහැදිලි නැත. මන්ද ජිහාඩ් කිරුල දැන් දිනා සිටින්නේ අයිසිස් සංවිධානය නිසාවෙනි. අයිසිස් හා අල් කයිඩා එකිනෙකට පසමිතුරුව කටයුතු කරන බව පෙනේ. කෙසේ නමුත් තලේබාන් සංවිධානය මේ ඇමෙරිකන් මෙහෙයුම හෙළාදකිමින් නිවේදනයක් නිකුත් කර ඇත.

උපුටා ගැනීම – දිවයින පුවත්පත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ආණ්ඩුවට දීපු කාලය ඇති - ආණ්ඩුව පළවාහරිමු
07:06
Video thumbnail
විදුලිබිල වැඩිකරන්නේ නෑ - ආණ්ඩුව දරාගන්නවා
04:31
Video thumbnail
උගන්ඩා කුමාරිව හොයාගෙන අපි දැන් යන්න ඕනේ
15:14
Video thumbnail
නලින්ද විපක්ෂයට උණ ගැනෙන්න දෙයි..ඉදිරි මාස ගණන්වල එක දිගට නඩු එනවා..නයි පරිස්සම් වෙලා ඉන්න
13:31
Video thumbnail
අපිලාගේ සාදුගේ මැයි රැළියේ කට්ටිය ගත්තු ආතල් එක
01:31
Video thumbnail
දුමින්දගේ කතාව මැද දුමින්ද ළඟට එක පාරම කඩා පැන්න පුද්ගලයා..දැන් රැවටුණා ඇති නැගිටින්න සූදානම් වෙන්න
11:35
Video thumbnail
පුළුවන් නම් සජබයේ එක්කෙනෙක්ව ඇතුළට දාලා පෙන්නන්නකෝ
06:52
Video thumbnail
මේ ආණ්ඩුව කුණුවෙලා ඉවරයි..වළේ දාන්න තියෙන්නේ..අපේ අහිංසකයෝ දෙන්නෙක් ඇතුළේ
08:56
Video thumbnail
චාමර සම්පත් ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි..අධිකරණ ඇමතියා ජෝන් සීනා වගේ..ලැජ්ජයි යකෝ තෝ
05:57
Video thumbnail
සජිත් රනිල්ට ප්‍රසිද්ධියේම ස්තූති කරයි - අපි එකතුවෙලා හමාරයි
15:17