2015 ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුළත් කොට දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ මුදලින් ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කොට රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කල බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයාට එරෙහි නඩුවේ විත්තිකරුවන් නිදහස් කරන්නේද? ඔවුන් වෙනුවෙන් සාක්කි කැඳවන්නේදැයි නියෝගය ලබන මස පළමුවැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද දැනුම් දෙනු ලැබුවා.
මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්කි විභාගය අවසන් කරන බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන සිල්වා මහතා දැනුම් දීමෙන් අනතුරුව විත්ති වාචක කැඳවීම සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා විනිසුරුවරයා එලෙස දින නියම කළේ.
හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා මෙන්ම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට අමතරව මෙම නඩුවෙන් චෝදනා ලැබ සිටින්නේ දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල් ආර්.ඒ.පී. රණවකයි.