නිදහස් කරනවාද ? සාක්කි කැදවනවාද ? තීරණය ලබන 01 වෙනිදාට

2015 ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රුව ඇතුළත් කොට දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ මුදලින් ලිත් ලක්‍ෂ 50ක් මුද්‍රණය කොට රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කල බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ සහ දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට එරෙහි නඩුවේ විත්තිකරුවන් නිදහස් කරන්නේද? ඔවුන් වෙනුවෙන් සාක්කි කැඳවන්නේදැයි නියෝගය ලබන මස පළමුවැනිදා ප‍්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද දැනුම් දෙනු ලැබුවා.

මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්කි විභාගය අවසන් කරන බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන සිල්වා මහතා දැනුම් දීමෙන් අනතුරුව විත්ති වාචක කැඳවීම සම්බන්ධයෙන් තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීම සඳහා විනිසුරුවරයා එලෙස දින නියම කළේ.

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා මෙන්ම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂට අමතරව මෙම නඩුවෙන් චෝදනා ලැබ සිටින්නේ දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් ආර්.ඒ.පී. රණවකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56