AFC Banner
AFC Banner
Empty Ad

නාවික හමුදාවේ 74 වන සංවත්සරය ‍අදයි – නාවිකයින් 2,138කට උසස්වීම්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 74 වන සංවත්සරය ‍අද (09) සමරනු ලබනවා.

74 වන සංවත්සරයට සමගාමීව ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් 2,138ක් සඳහා උසස්වීම් පිරිනමන බවයි නාවික හමුදාව සඳහන් කළේ.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ නිර්දේශය මත මෙම උසස්වීම් පිරිනැමීමට නියමිතයි.

ඒ, අනුව සාමාන්‍ය නැවි තනතුර දක්වා නාවිකයන් 158ක්, බල නැවි තනතුර දක්වා 279 ක්, නායක නැවි තනතුර දක්වා 406 ක්, සුළු නිලධාරී තනතුර දක්වා 391ක්, ප්‍රධාන සුළු නිලධාරි තනතුර දක්වා 539 ක්, සමූහ ප්‍රධාන සුළු නිලධාරි තනතුර දක්වා 354ක් සහ පාලක ප්‍රධාන සුළු නිලධාරි තනතුර දක්වා නාවිකයින් 11කට මෙලෙස උසස්වීම් පිරිනැමීමට නියමිත බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?