නාය යෑමකින් පස්සර – පිටමාරුව මාර්ගයේ ගමනා ගමනයට දින දෙකක සිට බාධා (ඡායාරූප)

අධික වර්ෂාවත් සමඟ පස්සර – පිටමාරුව ප්‍රධාන මාර්ගයට කුරුවිගොල්ල පාලම ආසන්නයෙන් පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් දින දෙකක සිට එම මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ල වී තිබෙනවා.

පසුගිය 04 වනදා රාත්‍රියේ මාර්ගයට මෙලෙස පස් කන්දක් කඩා වැටී ඇති අතර, ඊයේ අලුයම ද තවත් ගල් සහ පස් ඒම ස්ථානයෙන්ම මාර්ගයට කඩා වැටී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මේ හේතුවෙන් පස්සර – පිටමාරුව මාර්ගයේ ගමන් ගන්නා පුද්ගලයින් දැඩි අපහසුතාවයකට පත් වුණා.

ඒ, අනුව එම ජනතාවට සිදුවුණේ පිටමාරුව, අම්බලම, ලුණුගල මාර්ගය විකල්ප මාර්ගයක් ලෙස යොදාගනිමින් සිය ගමන් බිමන් අවශ්‍යතා සපුරා ගැනීමටයි.

මේ සම්බන්ධයෙන් මඩොල්සිම පොලිසියෙන් සිදුකළ විමසීමක දී සඳහන් කළේ අද (06) පස්වරුව වන විට නාය යෑමෙන් ඇතිව තිබූ බාධාවන් ඉවත්කොට පස්සර – පිටමාරුව ප්‍රධාන මාර්ගය ගමනා ගමනයට විවෘත කළ හැකි බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39
Video thumbnail
ලක් අම්මව අත්අඩංගුවට ගත්තා ලු.. අපි පළිගන්නවා ලු
07:51
Video thumbnail
ඥානසාර හිමිගේ සිද්ධිය ගැන විමල්ගෙන් ප්‍රබල අනාවරණයක් - බන්ධනාගාර නිලධාරින්ට චෝදනාව දාන්නද යන්නේ ?
08:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවපු එකට විරුද්ධව භික්ෂූන් වහන්සේලා පාරට බහී
06:27
Video thumbnail
මට පුදුමයි, මම ජීවත් වෙන්නේ ලංකාවේ ද..?
08:15
Video thumbnail
මම ඥානසාර හිමිගේ සිවුර ගලවන්න ගියේ නෑ - මට අයිතියක් නෑ
07:04
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - සභානායකට බලය දීලා කථානායක චොරවෙලා ඉන්නේ
02:06