මහත් ආන්දෝලනයකට තුඩු දුන් එයාර් බස් ගුවන් යනා මිලදී ගැනීමේ සිද්ධියේ සැකකරුවෙකු වශයෙන් නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂව බන්ධනාගාර නිලධාරින් විසින් කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයට රැගෙන විත් තිබෙනවා.
මීට පෙර අධිකරණය විසින් කළ නියෝගයකට අනුවයි බන්ධනගාර නිලධාරින් විසින් නාමල් රාජපක්ෂ මහතාව අධිකරණයට රැගෙන විත් තිබෙන්නේ.
මෙම නඩුකරය අද (16) කොළඹ කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවීමට නියමිතයි.













