ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එන ප්‍රබලයෝ – ලක්ෂ 53ක් ඡන්දය දාලත් නැහැ!

මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජාතික ලැයිස්තුව යටතේ පාර්ලිමේන්තුවට පිවිසෙන මන්ත්‍රීවරුන් කවුරුන් දැයි ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පක්ෂ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාගේ අනුමැතිය මත එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එවීමටයි තීරණය කර ඇත්තේ.

සමගි ජන බලවේගයට ආසන 05ක් හිමි ව ඇති අතර එහි ජාතික ලැයිස්තුවෙන් පැමිණෙන්නේ පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාරයි.

ගෑස් සිලින්ඩරය යටතේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් රවී කරුණානායක සහ දිනේෂ් ගුණවර්ධන නම් කර තිබෙන බව ද වාර්තා වනවා.

මෙම පක්ෂයට මන්ත්‍රී ආසන 03ක් පමණක් හිමි වූ අතර දෙදෙනකු ජාතික ලැයිස්තුවෙන් එක්වීමත් සමග ආසන 05ක් ඔවුන්ට හිමිවනු ඇති.

දේශපාලනික ආරංචි මාර්ග සඳහන් කරන්නේ එම පංච මන්ත්‍රීවරුන්ගේ නායකත්වය හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් හොබවන බවයි.

කෙසේවෙතත් මෙම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ලියාපදිංචි කර ඇත්තේ හිටපු මන්ත්‍රී රවී කරුණානායක විසින් වන අතර ඉදිරියේ දී ජාතික ලැයිස්තුවෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පැමිණීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇති බව ද වාර්තා වනවා.

එමෙන්ම සර්වජන බලයට හිමි වූ එක් මන්ත්‍රී අසුනට ජාතික ලැයිස්තුවෙන් මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා නම්කිරීමට අනුමැතිය හිමිව තිබෙනවා.

මෙවර මහ මැතිවරණයේ දී ජාතික ජන බලවේගයට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී අසුන් 18ක්, සමගි ජන බලවේගයට 05ක්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට 02ක්, ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ සර්වජන බලයට එක් මන්ත්‍රී අසුනක් බැගින් ද හිමිවුණා.

මේ අතර මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට ලක්ෂ 53ක ජනතාවක් ඡන්දය භාවිත කර නොමැති බවට තොරතුරු වාර්තා වනවා.

5,325,108 දෙනෙකු ඡන්දය භාවිත කිරීමට නොපැමිණ ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.

  1. පාර්ලිමේන්තු පිරිසිදු කරා තවත් විෂ බීජ ටිකක් ඉතුරු වෙලා මුං ටිකත් පැරදුනා නම් හොඳයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02
Video thumbnail
සංවර්ධිතම රාජ්‍ය කරන්න ඔය මන්නාරම් ද්‍රෝණියේ ව්‍යාපෘතියම ඇති - සියලුම ණය ගෙවන්න පුළුවන්
02:28