රුපියල් මිලියන 100ක අල්ලසක් ලබාගත්තේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (29) ප්‍රතික්ෂේප කළා.
ඒ අනුව මන්ත්‍රීවරයා ලබන ඔක්තෝම්බර් 13 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ඔහුගේ නීතිඥවරු විසින් ඉකුත්දා ඉදිරිපත් කළ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අද දින ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් නියෝගය නිකුත් කරනු ලැබුවා.
ඇප නියෝගය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව අදාල නඩුකරය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සිදුවෙනවා.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී රුපියල් මිලියන 100 ක අල්ලසක් ලබා ගත් බවට සැකපිට නාමල් රාජපක්ෂ ආරක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.













