නාගොල්ලාගම මනුෂ්‍ය ඝාතනයක් – සැකකරු රාත්‍රියේම අල්ලයි

තලමල්ගම පොලිස් වසමේ නාගොල්ලාගම ප්‍රදේශයේ නිවසක ඇති වූ ආරවුලකින් පුද්ගලයෙකුට මොට ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

පොලිසිය පවසන්නේ ඊයේ (12) රාත්‍රී කාලයේ මෙම අපරාධය සිදුව ඇති බවයි.

අපරාධය සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇති පොලිසිය මෙම අපරාධයට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු ඊයේ (12) රාත්‍රියේම අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

තලමල්ගම, නාගොල්ලාගම ප්‍රදේශයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු අවුරුදු 59ක පුද්ගලයෙක්.

තලමල්ගම පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.