සල්මන් ඛාන්ට තවත් මරණ තර්ජනයක්

බොලිවුඩ් සුපිරි නළු සල්මන් ඛාන්ට තවත් මරණ තර්ජනයක් එල්ල වී තිබෙනවා.

අප්‍රේල් 30 වන දින නළු සල්මන් ඛාන් මරා දමන බවට තර්ජනය කළ පුද්ගලයෙකුගෙන් සඳුදා රාත්‍රියේ මුම්බායි පොලිස් පාලක මැදිරියට ඇමතුමක් ලැබුණු අතර, එම ඇමතුම්කරු රාජස්ථානයේ ජෝද්පූර්හි සිට “ගෞෂලා රක්‍ෂාක් රොකී භායි” ලෙස තමන්ව හඳුන්වා ගත් බවයි බලධාරීන් පවසන්නේ.

මේ හේතුවෙන් ඛාන්ගේ නිවසේ ආරක්ෂාව තර කර තිබෙනවා.

සල්මන් ඛාන්ගේ ජීවිතයට ඇති තර්ජනය හේතුවෙන් ඔහුට මීට පෙර සිටම ආරක්ෂාව ලබා දී ඇති අතර වෙඩි නොවදින වාහනයක් ද ඔහු සතුයි.

පසුගිය මාසයේදී ඛාන්ට තර්ජනය කරමින් විද්‍යුත් තැපෑලක් යැවූ බව කියන මැර කල්ලිකරුවන් වන ලෝරන්ස් බිෂ්නෝයි, ගෝල්ඩි බ්‍රාර් සහ එක් මෝහිත් ගාර්ග්ට එරෙහිව මූලික පරීක්ෂණ වාර්තාවක් ලියාපදිංචි කර තිබුණා.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරීන් එය ප්‍රෝඩාවක් බවටයි සැක කරන්නේ.

මෙම විද්‍යුත් තැපෑල යවා ඇත්තේ දැනට එක්සත් රාජධානියේ අධ්‍යාපනය ලබන දිල්ලියේ 25 හැවිරිදි තරුණයෙකු විසින් වන අතර ඔහුට බිෂ්නෝයි සහ බ්‍රාර් හෝ වෙනත් කල්ලියක් සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බව නිලධාරීන් හෙළි කරගෙන තිබෙනවා.

සල්මන් ඛාන්ට බිෂ්නෝයි කල්ලියට සම්බන්ධ තර්ජනයක් එල්ල වූ පළමු අවස්ථාව මෙය නොවන බවයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන්නේ.

පසුගිය වසරේ ජුනි මාසයේදී, සල්මන් ඛාන්ගේ පියා වන සලීම් ඛාන් ඇවිදීමට නියමිත බන්ද්‍රා බෑන්ඩ්ස්ටෑන්ඩ් හි ස්ථානයක ලිපියක් තබා තිබූ අතර එහි දැක්වුණේ පසුගිය වසරේ ඝාතනයට ලක්වූ ගායන ශිල්පී සිදුහත් මූස්වල මහතාට අත්වූ ඉරණමම නළුවාටද අත්වන බවයි.

එම නඩුවේ මූලික පරීක්ෂණ වාර්තාවක් ගොනු කර ඇති අතර එහි පරීක්ෂණ මුම්බායි අපරාධ අංශයට මාරු කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි කව්රුත් හොරකම් කරන්නේ නෑ - මහජන දේපළ සාංඝික දේපළ වගේ රකිනවා
02:14
Video thumbnail
අද අලුයම කොල්ලූපිටිය රත් කළ වෙ#ල්ල - කාන්තාවක් තුවාල ලබා රෝහලේ
01:12
Video thumbnail
සජිත් හමුවෙන්න විපක්ෂ නායක කාර්යාලයට ආ අමුත්තා
00:51
Video thumbnail
"හොරබඩු විකුණන්න බෑනේ මෙහෙම"බීඩී නිෂ්පාදන ආයතනයක නම ව්‍යාජව භාවිත කරමින් කරපු හොර වැඩේ
01:46
Video thumbnail
බියගම නිදහස් වෙළඳ කලාපයේ හදිසියේම ඇතිවූ ගින්න - දෙයියනේ..ලොකු ගින්නක්
00:59
Video thumbnail
පොලිසියෙන් SPA එකකට කඩා පනී..CCTV දර්ශන ලීක්වෙයි
01:45
Video thumbnail
අභිමානවත් 160වන පොලිස් සංවත්සරයට ජනපති පැමිණි අයුරු
01:47
Video thumbnail
160වන පොලිස් සංවත්සරයට ජනපති ගැම්මට ඇවිත් බහින හැටි - නිලධාරින්ගෙන් ජනපතිට ලැබුණ ආචාරය
02:21
Video thumbnail
මහජනයා එක්ක ගැ#ම් ඇතිවිය හැකියි..ඒක ස්වාභාවය - පොලිස් මාමා කියන්න පුළුවන් නව පොලිසියක් අවශ්‍යයි
02:33
Video thumbnail
පොලිස් නිල ඇඳුම ස්මාර්ට් වෙන හැටි ජනපති හෙළිකරයි - බොඩි කැම්, බැට්න් එක තියෙන විදියට
02:54