දකුණූ කොරියාවේ රැකියාවන් සදහා තරුණයින් 100 දෙනෙකු ඊයේ 02 වැනිදා එරට බලා පිටත්ව ගිය බව විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරනවා.
නව වසරේ දකුණු කොරියාවේ රැකියා සදහා පිටත්ව යන පළමු කණ්ඩායද මොවුන් වේ.
මෙරට සහ දකුණු කොරියාණු රජය අතර ඇති කර ගෙන තිබෙන අවබෝධතා ගිවිසුම අනුව මෙරට තරුණයින්ට එරට රැකියා අවස්ථා හිමිවී ඇත. ඒ අනුව 2022 වසරේදී මෙරට තරුණයින් 6412 දෙනෙකු රැකියාවන් සදහා දකුණූ කොරියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.
මෙම වැඩ සටහනට අනුව ඉදිරියේදීද තවත් තරුණයින් රැසක් දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිත බවද විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
+1
3
+1
1
+1
1
+1
1
+1
1