සංචාරක නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තුන්වන පන්දුවාර 20 ක්‍රිකට් තරඟය කොළඹ පී. සරවණමුත්තු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද(12) පැවැත්වෙනවා.
තරඟය පෙරවරු 10 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
කණ්ඩායම් දෙක අතර පැවති පළමු තරග දෙක ජය ගනු ලැබූවේ නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමයි.ඒ අනුව විස්සයි විස්ස තරඟාවලි පරාජයෙන් මිදීමට නම් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද පැවැත්වෙන තරඟය ජයගත යුතු වනවා.
තරඟ 03 කින් සමන්විත දෙරට අතර පැවති එක්දින ක්‍රිකට් තරඟාවලිය තරඟ දෙකට එකක් ලෙස ජය හිමිකරගැනිමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් විය
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
1
+1
+1
+1













