නවසීලන්තය සමඟ එක්දින සහ 20-20 තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිත මෙන්න

නවසීලන්ත තරග සංචාරයට එක්වන ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම්කර තිබෙනවා.

මෙහිදී කුසල් ජනිත් පෙරේරා කලකට පසු විස්සයි විස්ස සංචිතයට නම්කර තිබීම විශේෂත්වයක්.

එමෙන්ම සීමිත පන්දුවාර තරගවල දොරටු විවර කරගැනීමට දැඩි සටහනක නිරත වූ ඇන්ජලෝ මැතිව්ස් ද එක්දින සංචිතයට නම්කර තිබෙනවා.

එක්දින සංචිතයේ උප නායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිව ඇති අතර, විස්සයි විස්ස උප නායකත්වයේ වනිඳු හසරංග කටයුතු කරනවා.

සුපුරුදු පරිදි සීමිත පන්දුවාර තරගාවලි දෙක සඳහා නායකත්වය ලබා දෙන්නේ දසුන් ශානකයි.

2 10
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?