නවසීලන්තයේ එක්දින නිත්‍ය නායකත්වය මිචෙල් සැන්ට්නර් හට

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සුදු පන්දුවේ එනම්; එක්දින ආකෘතියේ නායකත්වය මිචෙල් සැන්ට්නර් හට හිමි ව තිබෙනවා.

නවසීලන්ත ක්‍රිකට් කළමනාකාරීත්වය විසින් සැන්ට්නර් ව නව එක්දින නායකත්වයට නිල වශයෙන් පත් කරනු ලැබූ බව අද (18) නිවේදනය කරනු ලැබුවා.

32 හැවිරිදි මෙම යොවුන් ක්‍රීඩකයා මීට පෙර ද විවිධ අවශ්‍යතාවල දී කණ්ඩායම වෙනුවෙන් එක්දින නායකත්වය මෙහෙයවා තිබෙනවා.

වමත් දඟ පන්දු යවන්නෙකු වන සැන්ට්නර් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වෙන එක්දින තරගාවලියට සිය නායකත්වය ලබාදෙනු ඇති.

මේ වසර මුල දී පන්දුවාර 20 නවසීලන්ත නායකත්වයට ද මිචෙල් සැන්ට්නර් ව පත් කෙරුණා.

ඒ කේන් විලියම්සන්ගේ ඉවත් වීමත් සමගින්.

සැන්ට්නර් මීට පෙර T20 තරග 24කට සහ එක්දින තරග 04කට ද නායකත්වය දී තිබෙනවා.

ඔහු සිය එක්දින නායකත්වය පූර්ණකාලීන ව ආරම්භ කරන්නේ දෙසැම්බර් මස අග සතියේ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරගාවලියේදියි.

2026 – T20 ලෝක කුසලානය වෙත අවධානය යොමු කිරීමට පෙර සැන්ට්නර්ගේ ධුර කාලය තුළ පළමු රාජකාරිය වනුයේ පෙබරවාරියේ චැම්පියන්ස් කුසලානයට හොඳින් මුහුණදීම බවත් ක්‍රීඩා විචාරකයින් පෙන්වාදෙනවා.

එක්දින නායකත්වයට පත්වීම ගැන සැන්ට්නර් පවසා ඇත්තේ; “එය පැහැදිලිවම ඉල්ලා සිටීම විශාල ගෞරවයක් සහ වරප්‍රසාදයක්.. කුඩා කාලයේ දී රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම හීනයක් වුණා. දැන් ඒ ක්‍රීඩා කරන ගමන් මගේ රට වෙනුවෙන් නායකත්වය දෙන්න ලැබීම විශාල ගෞරවයක් වගේ ම මට සතුටක්..” යනුවෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න
02:01
Video thumbnail
මැදවච්චියට ගිය සජිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:01
Video thumbnail
ගොවියාට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ල - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
07:21
Video thumbnail
පෝය දින නිමිත්තෙන් රුවන්වැලි මහා සෑයට මහ ජන ගඟක් ඇදෙන අයුරු
01:21
Video thumbnail
ශ්‍රී මහා බෝධියටත් විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙන අයුරු
00:53
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40