spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නවතා තිබු ට්‍රක් රථයේ අධික වේගයෙන් පැමිණි මෝටර් රථය ගැටේ

හයිලෙවල් මාර්ගයේ දෙල්කඳ ප්‍රදේශයේ පිහිටි ටීවී දෙරණ පටිගත කිරීමේ මැදිරියක් අසළ නවතා තිබූ පටිගත කිරීමේ වැඩසටහන් සඳහා භාණ්ඩ ප්‍රවාහනය කරන ට්‍රක් රථයක, මෝටර් රථයක් ගැටී ගිනිගෙන විනාශ වී තිබේ.

අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථය ඊයේ (10) රාත්‍රී 11.00ට පමණ මාර්ගය අසල නවතා තිබූ  මෙම ට්‍රක් රථයේ ගැටී අනතුර සිදුව ඇති බව වාර්තා  වෙයි. 

නවතා තිබූ ට්‍රක් රථයේ, මෝටර් රථය ගැටීමත් සමඟ ගින්නක් හට ගෙන තිබේ.

ඉන් රථ දෙකටම දැඩි හානි සිදුව ඇති අතර මෝටර් රථයේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.

කෙසේ වෙතත් ගිනි නිවීමේ රථ 03ක් යොදාගනිමින් ගින්න පාලනය කර තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?