නඩු පිට නඩු තියෙද්දි පලා ගිය සැකකරුවන් තිදෙනකු මෙරටට පිටුවහල් කෙරේ

ශ්‍රී ලංකාවේ අධිකරණවලින් ඇප ලබාගෙන, පසුව මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට පලා ගොස් සිටි ශ්‍රී ලාංකික සැකකරුවන් තිදෙනෙකු , එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන, එම අධිකරණ නියෝග මත ඊයේ (03) දින සවස එරටින් පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබෙනවා.

දසත ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ, සැකකරුවන් අතරින් දෙදෙනෙකු වැලිහේන, කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි.

ඔවුන් දෙදෙනා පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන රුපියල් පන් කෝටි හතලිස් අට ලක්ෂයක් වටිනා දුම්කොළ තොගයක් ලබාගෙන, මුදල් වංචා කිරීමේ නඩු 08ක විත්තිකරුවෝ බවත් අනාවරණය වී තිබෙනවා.

33 හැවිරිදි මාදිවලගේ අසිත සාගර ගුණතිලක සහ 44 හැවිරිදි සිල්පත්වාරිගේ සුමිත් රෝලන් ප්‍රනාන්දු යනු මෙම සැකකරුවන් දෙදෙනා යි.

මීට අමතරව වැල්ලප්පලම්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංච් 34 හැවිරිදි සෙල්වරාජ් කබිලන් නමැති අය කොඩිකාමම් පොලිස් වසමේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 240 ක් සමග පොලිස් විශේෂ කාර්යයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයෙක් බවත් හෙළි ව තිබෙනවා.

සැකකරුවන් තිදෙනා ඉකුත් ජුනි 27 වැනි දින මන්නාරමෙන් ඉන්දියාව බලා යන බෝට්ටුවක නැගී මෙරටින් පලා ගොස් තිබූ අතර, එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටි අතර, පසුව ට්‍රිචි අධිකරණය මගින් මොවුන් ආපසු මෙරටට පිටුවහල් කිරීම සඳහා නියෝග කර තිබෙනවා.

එසේ පිටුවහල් කළ සැකකරුවන් ඊයේ දින පස්වරු 05.20 ට ඉන්දියාවේ ට්‍රිචි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 134 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණා.

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි මොවුන් තිදෙනා, කටුනායක ගුවන් තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව ඊයේ දින රාත්‍රී 10.15 ට කොච්චිකඩේ සැකකරුවන් දෙදෙනා, පුත්තලම විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබුණා.

පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ සැකකරු අද (04) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් , රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසර ලබා ගැනීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
10
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?