නඩු පිට නඩු තියෙද්දි පලා ගිය සැකකරුවන් තිදෙනකු මෙරටට පිටුවහල් කෙරේ

ශ්‍රී ලංකාවේ අධිකරණවලින් ඇප ලබාගෙන, පසුව මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට පලා ගොස් සිටි ශ්‍රී ලාංකික සැකකරුවන් තිදෙනෙකු , එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන, එම අධිකරණ නියෝග මත ඊයේ (03) දින සවස එරටින් පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබෙනවා.

දසත ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ, සැකකරුවන් අතරින් දෙදෙනෙකු වැලිහේන, කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි.

ඔවුන් දෙදෙනා පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන රුපියල් පන් කෝටි හතලිස් අට ලක්ෂයක් වටිනා දුම්කොළ තොගයක් ලබාගෙන, මුදල් වංචා කිරීමේ නඩු 08ක විත්තිකරුවෝ බවත් අනාවරණය වී තිබෙනවා.

33 හැවිරිදි මාදිවලගේ අසිත සාගර ගුණතිලක සහ 44 හැවිරිදි සිල්පත්වාරිගේ සුමිත් රෝලන් ප්‍රනාන්දු යනු මෙම සැකකරුවන් දෙදෙනා යි.

මීට අමතරව වැල්ලප්පලම්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංච් 34 හැවිරිදි සෙල්වරාජ් කබිලන් නමැති අය කොඩිකාමම් පොලිස් වසමේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 240 ක් සමග පොලිස් විශේෂ කාර්යයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයෙක් බවත් හෙළි ව තිබෙනවා.

සැකකරුවන් තිදෙනා ඉකුත් ජුනි 27 වැනි දින මන්නාරමෙන් ඉන්දියාව බලා යන බෝට්ටුවක නැගී මෙරටින් පලා ගොස් තිබූ අතර, එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටි අතර, පසුව ට්‍රිචි අධිකරණය මගින් මොවුන් ආපසු මෙරටට පිටුවහල් කිරීම සඳහා නියෝග කර තිබෙනවා.

එසේ පිටුවහල් කළ සැකකරුවන් ඊයේ දින පස්වරු 05.20 ට ඉන්දියාවේ ට්‍රිචි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 134 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණා.

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි මොවුන් තිදෙනා, කටුනායක ගුවන් තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව ඊයේ දින රාත්‍රී 10.15 ට කොච්චිකඩේ සැකකරුවන් දෙදෙනා, පුත්තලම විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබුණා.

පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ සැකකරු අද (04) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් , රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසර ලබා ගැනීමට නියමිතයි.

  1. හිනා යන කතා.ආයෙ ඇප දුන්නම පනිනවා..මරු සෙල්ලම..
    පෙර වැරදි නෑ ස්වාමීනී.මගේ සේවා දායකයා අසනීප තත්වයෙන් ඉන්නෙ.මෙන්න වෛද්‍ය වාර්තා..ඉන්දියාවට ගියේ වෛද්‍ය ප්‍රතිකාර ගැනීමටයි..
    ඔහුට ඕනෑම කොන්දේසියක් මත ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21