AFC Banner
AFC Banner
Empty Ad

ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

ගිනිකොනදිග බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර සහ නාවික යාත්‍රා සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

ඒ, අනුව ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ බටහිර – වයඹ දෙසට ගමන් කිරීමට ඉඩ ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එය දෙසැම්බර් 11 වනදා පමණ ශ්‍රී ලංකා – තමිල්නාඩු වෙරළට ඔබ්බෙන් නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට ළඟා වීමට ඉඩ පවතින බව ද දැනුම් දෙනවා.

ඒ අනුව එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව ඉතා තද සුළං (පැයට කිලෝ මීටර් 60ක් පමණ) සමගින් තද වැසි පැවතිය හැකි අතර එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

මේ සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙසට ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?