දේශපාලන පළිගැනීම් කොමිසමට එරෙහි ජනපති ලේකම්ගේ පෙත්සම විභාගයට (වීඩියෝ)

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කරන ලද දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබැලීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් වත්මන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක ට එරෙහිව සිදුකර ඇති නිර්දේශ සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

අදාල කොමිසම විසින් තමන්ට එරෙහිව සිදු කරන ලද තීරණ සහ නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා එවක අගමැති ලේකම් ලෙස කටයුතු කළ වර්තමාන ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඇතුළු පිරිසක් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී ජනාධිපති නීතිඥවරයා මේ බව කියා සිටියා.

විජිත් මලල්ගොඩ,අචල වෙන්ගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගය පැවැත්වුණා.

එහිදී ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක් වූ ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම නීතියක් මඟින් ස්ථාපනය නොකල දුෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය නම් වූ රාජ්‍ය නොවන සංවිධානයක් වෙනුවෙන් රජයේ මුදල් මිලියන 33 ක් නීතිවිරෝධී ලෙස යෙද වූ බවට එම කොමිසම විසින් සමන් ඒකනායක ට එරෙහිව චෝදනා කර තිබූ බව සදහන් කළා.

ඒ අනුව, ඔහුගේ ප්‍රජා අයිතිවාසිකම් අහෝසි කරන ලෙසත් රජයේ මුදල් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව මත ඔහුට විරුද්ධව අපරාධ චෝදනා ගොණු කරන ලෙසත් අදාල කොමිසම විසින් නිර්දේශ කර තිබු බවත් ඔහු කියා සිටියා.

අග්‍රාමාත්‍ය ලේකම්වරයා වශයෙන් තමන් ඉටුකරන ලද කාර්යයන් සම්පූර්ණයෙන්ම නීතියට අනුකූලව සිදු කර ඇති බවත් දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය රාජ්‍ය නොවන සංවිධානයක් නොව කැබිනට් මණ්ඩලය විසින් නිත්‍යනුකූලව පිහිටුවන ලද ආයතනයක් බව ද ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළා.

කැබිනට් මණ්ඩලය විසින් සමන් ඒකනායක වෙත කරන ලද නියෝගය අනුව ඒ සඳහා මුදල් වෙන් කරන ලද බව ද ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වැඩිදුරටත් සඳහන් කර සිටියා.

වත්මන් ජනාධිපති ලේකම්වරයාගෙන් නිසි කරුණු විමසීමකින් තොරව අදාළ කොමිසම මෙම නිර්දේශ සිදු කර ඇති බවත් එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි මෙන්ම ස්වභාවික යුක්ති ධර්මය නමැති නීතිමය මූලධර්මය උල්ලංඝනය කිරීමක් බවත් ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම වැඩිදුරටත් තර්ක කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.09
00:00
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන නීතීඥයෙක් හෙළිකරපු දේ - නිලධාරින්ට වරද පටවලා ?
06:25
Video thumbnail
නාගොඩ ප්‍රදේශයේ අඹුසැමි යුවලකට වෙ#
00:18
Video thumbnail
එකම තැන බිහිසුණු අනතුරු දෙකක්
01:47