දේශපාලන පළිගැනීම් කොමිසමට එරෙහි ජනපති ලේකම්ගේ පෙත්සම විභාගයට (වීඩියෝ)

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කරන ලද දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබැලීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් වත්මන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක ට එරෙහිව සිදුකර ඇති නිර්දේශ සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

අදාල කොමිසම විසින් තමන්ට එරෙහිව සිදු කරන ලද තීරණ සහ නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා එවක අගමැති ලේකම් ලෙස කටයුතු කළ වර්තමාන ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඇතුළු පිරිසක් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී ජනාධිපති නීතිඥවරයා මේ බව කියා සිටියා.

විජිත් මලල්ගොඩ,අචල වෙන්ගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගය පැවැත්වුණා.

එහිදී ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක් වූ ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම නීතියක් මඟින් ස්ථාපනය නොකල දුෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය නම් වූ රාජ්‍ය නොවන සංවිධානයක් වෙනුවෙන් රජයේ මුදල් මිලියන 33 ක් නීතිවිරෝධී ලෙස යෙද වූ බවට එම කොමිසම විසින් සමන් ඒකනායක ට එරෙහිව චෝදනා කර තිබූ බව සදහන් කළා.

ඒ අනුව, ඔහුගේ ප්‍රජා අයිතිවාසිකම් අහෝසි කරන ලෙසත් රජයේ මුදල් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව මත ඔහුට විරුද්ධව අපරාධ චෝදනා ගොණු කරන ලෙසත් අදාල කොමිසම විසින් නිර්දේශ කර තිබු බවත් ඔහු කියා සිටියා.

අග්‍රාමාත්‍ය ලේකම්වරයා වශයෙන් තමන් ඉටුකරන ලද කාර්යයන් සම්පූර්ණයෙන්ම නීතියට අනුකූලව සිදු කර ඇති බවත් දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය රාජ්‍ය නොවන සංවිධානයක් නොව කැබිනට් මණ්ඩලය විසින් නිත්‍යනුකූලව පිහිටුවන ලද ආයතනයක් බව ද ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළා.

කැබිනට් මණ්ඩලය විසින් සමන් ඒකනායක වෙත කරන ලද නියෝගය අනුව ඒ සඳහා මුදල් වෙන් කරන ලද බව ද ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වැඩිදුරටත් සඳහන් කර සිටියා.

වත්මන් ජනාධිපති ලේකම්වරයාගෙන් නිසි කරුණු විමසීමකින් තොරව අදාළ කොමිසම මෙම නිර්දේශ සිදු කර ඇති බවත් එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි මෙන්ම ස්වභාවික යුක්ති ධර්මය නමැති නීතිමය මූලධර්මය උල්ලංඝනය කිරීමක් බවත් ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම වැඩිදුරටත් තර්ක කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගුවන් හමුදාවෙන් දිවයින පුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
01:35
Video thumbnail
ආණ්ඩුවේ සැලැස්ම ගැන විමල්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - තියෙන කුප්ප වැඩ කරනවා
08:05
Video thumbnail
වැරදි කරපු කෙනා කවුරුත් තරාතිරම නොබලා දඬුවම් දෙන්න ඕනේ
05:37
Video thumbnail
ෆේස්බුක්වල ග#න ඒවාට මන් කවදාවත් සැලෙන්නේ නෑ
06:33
Video thumbnail
ජනපතිගේ පුතා ගැන විමල්ගෙන් හෙළිදරව්වක් - මිහින් එයාර් ලයින් එකට ගියේ විභාග ලියලද?
05:27
Video thumbnail
කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම ගැන විමල්ට යකා නගියි - පඩික්කමාලටනම් පදක්කම්, එල්ලෙන බෙලෙක් කෑලී
05:31
Video thumbnail
හර්ෂගෙන් ආණ්ඩුවට උපදෙසක් - ව්‍යවස්ථාව අලුත් කරමු
04:36
Video thumbnail
මෝදර චතුරගෙන් ප්‍රශ්න කිරීම්වලින් හෙළිවූ දෙයින් සැවොම මවිත වෙයි - ක්‍රිඩාංගනයක සඟවා තිබූ දෙය
04:56
Video thumbnail
උණ තියෙනවා නම් රෝහල්ගත වෙන්න - සෞඛ්‍ය ඇමති අනතුරු අඟවයි
03:45
Video thumbnail
ලෝක කුසලාන ගමනට තිත තියන පුරාවෘතය - FIFA තරඟය උණුසුම් කළ තතු මෙන්න
01:56