spot_imgspot_img

දේශගුණ විපර්යාසයට හේතුව ආදිවාසී නායකයා කියයි

පවතින දේශගුණ විපර්යාසයට හේතුව මිනිසාගේ අවිධිමත් ක්‍රියාවන් බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන් පවසනවා.

ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික මීපැණි පූජාව සඳහා පැමිණි ආදිවාසී නායකයා මල්වතු පාර්ශවයේ මහ ,නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි මේ බව ප්‍රකාශ කළේ.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න හමුවේ ආදිවාසී නායකයා කියා සිටියේ මේ වන විට ලෝකය ගෝලීය වශයෙන් විශාල දියුණුවක් ලබා සිටියත් ඒ සමඟම මිනිසා විසින් විශාල පරිසර හානියක් දූෂණයක් සිදු කර ඇති බවයි.

ඉවක් බවක් නොමැතිව වනාන්තර විනාශ කිරීම, වන සතුන් විනාශ කිරීම මේ වන විට අප රටට පමණක් නොව ලෝකයටම බලපා ඇති දේශගුණ විපර්යාසයට ප්‍රධාන හේතුවක් බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.

මේ වන විට පවතින දැඩි නියඟය හේතුවෙන් රටේ ගොවිතැන් විනාශ වී ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටින අවස්ථාවේ වන්දි ගෙවීම පමණක් නොව ජනතාව දෙස මානවවාදීව හිතා බලා තීරණ ගැනීම රජයේ වගකීම බව ද ආදිවාසී නායකයා ප්‍රකාශ කළා.

රටේ සිදුවන වන විනාශයට එරෙහිව තමා මේ වෙනවිට අධිකරණයට පවා ගොස් ඇති අතර තම වර්ගයාට සිදුව ඇති අසාධාරණකම් වෙනුවෙන් මේ දක්වා සාධාරණයක් ඉටු වී නොමැති බවයි ඌරුවරිගේ වන්නියලැත්තන් වැඩිදුරටත් කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
1
+1
4
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?