දෙවරක් හඳට ගිය ලොව එකම මිනිසා පෘථිවිය හැරයයි

ලොව විශිෂ්ටතම අභ්‍යවකාශගාමික් වන ජිම් ලොවෙල් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඇමරිකානු ජාතික ජිම් ලොවෙල් අභාවප්‍රාප්තවන විට 97වන වියේ පසු වුණා.

1928 වසරේ දී උපත ලැබූ ඔහු ඉතිහාස ගත වුණේ දෙවරක් සඳට ගිය මිනිසා ලෙසටයි.

ඇපලෝ 8 මෙහෙයුම යටතේ සඳට ගමන් කළ පළමු ගඟනගාමීන් තිදෙනාගෙන් එක් අයෙකු ද වන ලොවෙල්, 1970 ක්‍රියාත්මක වූ ඇපලෝ 13 මෙහෙයුමට අණ දුන් ගඟනගාමියා ලෙසද කටයුතු කළා.

අවස්ථා දෙකක දී ජිම් ලොවෙල් සඳ තරණය කළ ද එම අවස්ථා දෙකේදීම ඔහු සඳ මතට පා තැබුවේ නැහැ.

1970 අප්‍රේල් 13 වන දින ඇපලෝ 13 මෙහෙයුම අතරතුර ඔක්සිජන් ටැංකියක් පුපුරා ගිය අවස්ථාවේ දී, තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායම පෘථිවියට ආපසු රැගෙන ඒමේ මෙහෙයුමේ ඔහු මූලිකත්වය ගෙන කටයුතු කළා.

මේ අතර ජිම් ලොවෙල්ගේ අභාවය සම්බන්ධයෙන් නාසා ආයතනය සිය කණගාටුව පළකර තිබෙනවා.

නාසා ආයතනය පවසන්නේ, “දශක ගණනාවක් පුරා මිලියන සංඛ්‍යාත ජනතාවකට ආභාෂය ලබා දුන් කපිතාන් ජිම් ලොවෙල්ගේ පවුලට නාසා ආයතනය සිය ශෝකය පළ කරනව. ජිම්ගේ චරිතය සහ නොසැලෙන ධෛර්යය අපේ ජාතියට සඳට ළඟා වීමට උපකාරී වූ අතර, විභව ඛේදවාචකයක් සාර්ථකත්වයක් බවට පත් කළ අතර එයින් අපි අතිවිශාල ප්‍රමාණයක් ඉගෙන ගත්තෙමු,”යනුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
5
+1
2
+1
77
+1
5
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?