AFC Banner
AFC Banner
Empty Ad

දූෂණ සහ වංචා වැළැක්වීමේ රජයේ ප්‍රතිපත්තිවලට කැනඩාවේ සහාය

දූෂණය සහ වංචාව වැළැක්වීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළට කැනඩා රජයේ සහාය ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන කැනඩාවේ මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ප්‍රකාශ කළා.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන කැනඩාවේ මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා අතර ජනාධිපති කාර්යාලයේ අද (12) පැවැති සාකච්ඡාවේ දී ඒ මහතා මේ බව සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

දූෂණය හා වංචාව වැළැක්වීම සඳහා කැනඩා රජයේ අත්දැකීම් ශ්‍රී ලංකා රජය සමග බෙදා ගැනීමට ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වුණා.

ශ්‍රී ලංකාවේ ආර්ථික පසුබෑමට හේතුව පැවති දේශපාලන සංස්කෘතිය බව පෙන්වා දුන් එරික් වොල්ෂ් මහතා වත්මන් රජය එම දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට ගන්නා උත්සහාය ඇගයීමට ලක් කළා.

ශ්‍රී ලංකා කැනඩා මහ කොමසාරිස් කාර්යාලයේ දෙවන ලේකම් (දේශපාලන) පැට්‍රික් පිකරිං (Patrick Pickering) මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?