මුදාහැරි බහාලුම් ගැන කඩිනම් පරීක්ෂණයක් ඉල්ලා පැමිණිල්ලක්

පසුගියදා රේගු පර්‍යන්තයෙන් පරීක්ෂාවකින් තොරව මුදාහැරි බහාලුම් 323 ගැන කඩිනම් පරීක්ෂණයක් ඉල්ලා සමාජ ක්‍රියාකාරීන් පිරිසක් අද (03) ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් සිදු කළා.

මෙම බහාලුම් පරීක්ෂා කර, පිටත් කළ ඒවා නම්; ඒ පිළිබඳ වාර්තා ඉදිරිපත් කරන ලෙසයි පැමිණිලිකරුවන් සිය පැමිණිල්ලේ දන්වා ඇත්තේ.

නැත්නම් එහි සැබෑ තත්ත්වය ගැන මහජනතාවට ඉදිරිපත් කළ යුතු බවද, අදාළ ලේඛන තමන් සන්තකයේ තබාගෙන සිටීමෙන් තේරුමක් නොමැති බව ද සමාජ ක්‍රියාකාරීන් පැවසුවා.