Fly high Get bonus Aviator Phone

දුරකථන කැමරාවේ සටහන් වූ අකුරැස්සේ නාය යාම (වීඩියෝ)

අකුරැස්ස දියලපේ ප්‍රදේශයේ සිදුවූ නාය යාමක් හේතුවෙන් නිවාස 21ක පදිංචිකරුවන් 74 දෙනෙකු ආරක්ෂිතව දියලපේ කනිටු විදුහලේ නතර කර තිබෙනවා.

තැන්නපිටහේන උස් කඳු සහිත ගම්මානයේ පිරිසක් ඊයේ රාත්‍රී සිට මෙලෙස තාවකාලිකව රඳවා ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

2017 වසරේදීත් මෙවැනිම නාය යෑමේ අවධානමක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස 25ක පමණ ජනතාව ඉවත්මේ කර මෙලෙස ආරක්ෂිතව රඳවා තිබුණා.

මෙවර කඳු පාමුලින් විශාල ශබ්දයක් සමගින් මඩ වතුර පැමිණීම සමග කන්දේ ඉහළ විශාල කොටසක් නාය ගොස් ඇති බවට දැක ගැනීම හේතුවෙන් ප්‍රදේශවාසීන් ග්‍රාම නිලධාරී සහ පොලිසිය දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව පවතින දැඩි අවධානම සැලකිල්ලට ගනිමිනුයි එම ප්‍රදේශයේ ජනතාව දියලපේ කනිටු විදුහලට යොමු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
4
+1
8
+1
21
+1
12
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?