දුම්රිය මගියාගේ ජීවිතය අවසන් මොහොතේ බේරාගත් ආරක්ෂක නිලධාරියා (වීඩියෝ)

දුම්රියට බිළිවීමට ගිය පුද්ගලයෙකුව දුම්රිය ආරක්ෂක නිලධාරියෙකු විසින් බේරාගත් පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

උත්තර් ප්‍රදේශ් හි ප්‍රයාග්‍රාජ් දුම්රිය ස්ථානයේ දී දුම්රියකට නැවත ගොඩවීමට උත්සාහ කළ පුද්ගලයෙකුගේ ජීවිතය අදාළ ආරක්ෂක නිලධාරියා විසින් බේරාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය ඉරිදා (14) දිනයේ මෙම ආශ්චර්යමත් සිදුවීම සිදුව ඇති අතර, සජ්ජන් සිං නැමැති 63 හැවිරිදි පුද්ගලයෙකුගේ ජීවිතය මෙලෙස බේරාගෙන ඇති බව සඳහන්.

අදාළ පුද්ගලයා ගුවහාටි සිට බයිකානර් බලා ගමන් ගත් දුම්රියෙන් පැමිණ ඇති අතර, ඔහු ප්‍රයාග්‍රාජ් දුම්රිය ස්ථානයෙන් බැස ඇත්තේ දිවා ආහාරය මිලදී ගැනීම සඳහායි.

අනතුරව දුම්රිය යළි ධාවනය අරඹා ඇති අතර, මෙම පුද්ගලයා ධාවනය වන දුම්රියට ගොඩවීමට උත්සාහ කිරීමේ දී ලිස්සා ගොස් වේදිකාව සහ දුම්රිය අතර වැටී ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස වැටුණු මෙම පුද්ගලයා එක් අතකින් දුම්රියේ එල්ලී ඇති අතර, එම අවස්ථාවේ දී වහාම ක්‍රියාත්මක වූ දුම්රිය වේදිකාවේ සිටි සංජේ කුමාර් රාවට් නැමැති දුම්රිය ආරක්ෂක නිලධාරියා ඔහුගේ ජීවිතය බේරාගැනීමට කටයුතු කර තිබෙනවා.

අදාළ සිදුවීම දුම්රිය ස්ථානයේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණේ මෙලෙසින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54