AFC Banner
Empty Ad
Empty Ad

දුම්රියේ ගැටීමෙන් වන අලියෙක් මරුට

වැලිකන්ද පුල්ලෙයාර්අඩි ප්‍රදේශයේදී දුම්රියේ ගැටීමෙන් වන අලියෙකු මියගොස් තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ ඊයේ (13) රාත්‍රී 9.30ට පමණ මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මීනගයා දුම්රියේ මෙම වන අලියා ගැටී ඇති බවයි.

පසුගිය 12 වනදා ද මෙම ස්ථානයේදීම පුලතිසි සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් වයස අවුරුදු 35ක පමණ වන අලියෙකු මියගොස් තිබුණා.

ඊයේ මීනගයා දුම්රියේ ගැටීමෙන් මියගොස් ඇත්තේ අවුරුදු 40ක පමණ වන අලියෙක් බවටයි වැලිකන්ද අඩවි වනජීවි නිලධාරීන් සඳහන් කර ඇත්තේ.

දුම්රියේ ගැටුණු වන අලියා දුම්රිය එන්ජිම සමග සිල්පර කොට 193ක් පමණ පසු කරමින් ඉදිරියට ඇදී ගොස් තිබෙනවා.

එම අනතුරින් මාර්ගයේ සිල්පර කොට 30කට දැඩි හානි සිදුවී ඇතැයි සඳහන්.

වන අලියා දුම්රිය මාර්ගයෙන් ඉවත් කිරීමට ප්‍රදේශවාසීන් සහ වනජීවී නිලධාරීන් පැය 3ක පමණ කාලයක් දැඩි පරිශ්‍රමයක් යොදා තිබුණා.

වනජීවී නිලධාරීන් සඳහන් කළේ මෙම ස්ථානයේදී මීට පෙර අවස්ථා කිහිපයකදීම දුම්රියේ ගැටීමෙන් වන අලි 6 දෙනෙකු මියගොස් ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?