දුම්රියේ ගැටීමෙන් වන අලියෙක් මරුට

වැලිකන්ද පුල්ලෙයාර්අඩි ප්‍රදේශයේදී දුම්රියේ ගැටීමෙන් වන අලියෙකු මියගොස් තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ ඊයේ (13) රාත්‍රී 9.30ට පමණ මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මීනගයා දුම්රියේ මෙම වන අලියා ගැටී ඇති බවයි.

පසුගිය 12 වනදා ද මෙම ස්ථානයේදීම පුලතිසි සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් වයස අවුරුදු 35ක පමණ වන අලියෙකු මියගොස් තිබුණා.

ඊයේ මීනගයා දුම්රියේ ගැටීමෙන් මියගොස් ඇත්තේ අවුරුදු 40ක පමණ වන අලියෙක් බවටයි වැලිකන්ද අඩවි වනජීවි නිලධාරීන් සඳහන් කර ඇත්තේ.

දුම්රියේ ගැටුණු වන අලියා දුම්රිය එන්ජිම සමග සිල්පර කොට 193ක් පමණ පසු කරමින් ඉදිරියට ඇදී ගොස් තිබෙනවා.

එම අනතුරින් මාර්ගයේ සිල්පර කොට 30කට දැඩි හානි සිදුවී ඇතැයි සඳහන්.

වන අලියා දුම්රිය මාර්ගයෙන් ඉවත් කිරීමට ප්‍රදේශවාසීන් සහ වනජීවී නිලධාරීන් පැය 3ක පමණ කාලයක් දැඩි පරිශ්‍රමයක් යොදා තිබුණා.

වනජීවී නිලධාරීන් සඳහන් කළේ මෙම ස්ථානයේදී මීට පෙර අවස්ථා කිහිපයකදීම දුම්රියේ ගැටීමෙන් වන අලි 6 දෙනෙකු මියගොස් ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51