AFC Banner
Empty Ad
Empty Ad

දුම්රියක් තුළ දී මඟියෙකුට ඉස්කුරුප්පු නියනකින් ඇන්න අයෙක් අත්අඩංගුවට

මාතර සිට මහනුවර බලා ධාවනය වූ සිඝ්‍රගාමී දුම්රි‍ය තුළ දී මඟියෙකුට ඉස්කුරුප්පු නියනකින් ඇණ තුවාල සිදුකළ පුද්ගලයෙක් දුම්රිය ආරක්ෂක සේවාවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ගාල්ල පොලිසිය වෙත භාර දී තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු මෙම සැකකරු ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට හඳුනාගෙන ඇති අතර, තුවාල ලබා ඇත්තේ කුරුණැගල, බමුණාකොටුව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

තුවාලකරු සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටිම සඳහා පොල්ගහවෙලට යාමට වැලිගම දුම්රිය ස්ථානයෙන් දුම්රියට ගොඩ වී ඇති අතර, එහි දී සැකකරු සමඟ ඇති වූ බහින් බස් වීමක් හේතුවෙන් සැකකරු විසින් මෙලෙස ඉස්කුරුප්පු නියනකින් ඇණ ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය නියාමකවරයා ගාල්ල දුම්රිය ස්ථානයට දැනුම් දීමටයි කටයුතු කර ඇත්තේ.

එහිදී ගාල්ල දුම්රිය ආරක්ෂක සේවාවේ නිලධාරින් සැකකරු අත්අඩංගුවට ගෙන ගාල්ල පොලිසියට භාරදීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?