දුම්රියක් තුළ දී මඟියෙකුට ඉස්කුරුප්පු නියනකින් ඇන්න අයෙක් අත්අඩංගුවට

මාතර සිට මහනුවර බලා ධාවනය වූ සිඝ්‍රගාමී දුම්රි‍ය තුළ දී මඟියෙකුට ඉස්කුරුප්පු නියනකින් ඇණ තුවාල සිදුකළ පුද්ගලයෙක් දුම්රිය ආරක්ෂක සේවාවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ගාල්ල පොලිසිය වෙත භාර දී තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු මෙම සැකකරු ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට හඳුනාගෙන ඇති අතර, තුවාල ලබා ඇත්තේ කුරුණැගල, බමුණාකොටුව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

තුවාලකරු සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටිම සඳහා පොල්ගහවෙලට යාමට වැලිගම දුම්රිය ස්ථානයෙන් දුම්රියට ගොඩ වී ඇති අතර, එහි දී සැකකරු සමඟ ඇති වූ බහින් බස් වීමක් හේතුවෙන් සැකකරු විසින් මෙලෙස ඉස්කුරුප්පු නියනකින් ඇණ ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය නියාමකවරයා ගාල්ල දුම්රිය ස්ථානයට දැනුම් දීමටයි කටයුතු කර ඇත්තේ.

එහිදී ගාල්ල දුම්රිය ආරක්ෂක සේවාවේ නිලධාරින් සැකකරු අත්අඩංගුවට ගෙන ගාල්ල පොලිසියට භාරදීමට කටයුතු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්, නාමල් හීන දැක්කට වැඩක් නෑ - 2029යේත් ජනාධිපති අනුරම තමයි
05:45
Video thumbnail
ආණ්ඩුව තමන්ට ඕන ඕන අයව අත්අඩංගුවට අරන් පිටිය සුද්ද කරගන්නයි හදන්නේ
04:31
Video thumbnail
මුළු නාවලපිටියම යට කළ මහා ජල කඳ
01:01
Video thumbnail
දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ එකමුතුව ජනපති හමුවෙයි
01:10
Video thumbnail
මහර බන්ධනාගාර සිද්ධිය පිටිපස්සේ තුන්වැනි පාර්ශවයක්..?
08:48
Video thumbnail
සෞඛ්‍ය ඇමති සහ අධිකරණ ඇමති මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකී 23 malwathu
00:51
Video thumbnail
වටවල දුම්රිය ස්ථානය විනාශ කළ පස් කන්ද
01:20
Video thumbnail
බෝතලයකුත් උස්සගෙන උසාවියට ආපු හරක් කටා
01:56
Video thumbnail
පස් කන්දක් කඩා වැටී කාන්තාවකට ජීවිතය අහිමි වෙයි - තවත් 3 අතුරුදන්
00:57
Video thumbnail
බය වෙන්න එපා, අපි ඔයාලව බේරගන්නවා - ගංවතුරෙන් ජීවිත ටික බේරාගත්ත කොල්ලෝ සෙට් එක
01:31