දුම්පානය මෙරටින් තුරන් කිරීම රජයේ උත්සාහයයි – සෞඛ්‍ය නි. ඇමති

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාල, සෞඛ්‍ය සේවා වෘත්තිකයන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ගෝලීය සෞඛ්‍ය සංවිධාන එක්ව “ශ්‍රී ලංකාවේ දුම්කොළ භාවිතය හා දුම්පානය නැවැත්වීම වැඩි දියුණු කිරීමේ උපාය මාර්ග” පිළිබඳ පවත්වන ලද සාකච්ඡාවක් සහ මාධ්‍ය හමුවක් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණිගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) කොළඹ දී පැවැත්වුණා.

ආසියානු ජනගහනයේ අවදානම් සහිත කොට්ඨාශයන්හි ශ්වසන රෝග ඇති වීමේ ප්‍රවණතාව අඩු කිරීම සහ ඔවුන්ගේ සෞඛ්‍ය මට්ටම වැඩි දියුණු කිරීම අරමුණු කර ගනිමින් ඒ සදහා ජාත්‍යන්තර මැදිහත්වීමක් ලෙස ගෝලීය සෞඛ්‍ය පිළිබද Respire ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ නියෝජිත ආයතන වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය, රජරට විශ්ව විද්‍යාලය, වයඹ විශ්ව විද්‍යාලය සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණා.

මෙමගින් ශ්‍රී ලංකාවේ දුම්කොළ භාවිතය හා දුම්පානය නැවැත්වීමේ ක්‍රියාමාර්ග ශාක්තිමත් කිරීම අරමුණු කරගෙන ඇති අතර ඒ සදහා අවශ්‍ය උපාය මාර්ග සහ සහයෝගී ප්‍රවේශයන් ද මෙහිදී ඉස්මතු කෙරුණා.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රසන්න හේරත් විසින් මෙම වැඩසටහනේ පරීක්ෂණාත්මක සහ තහවුරු කරන ලද ඒක පුද්ගල දුම් පානය නිවාරණය සම්බන්ධ විද්‍යාත්මක ක්‍රමවේදය හඳුන්වා දීම ද සිදු කරන ලැබුවා.

එමෙන්ම ශ්‍රී ‍ලංකාවේ සෞඛ්‍ය සම්පන්න, දුම්පානයෙන් තොර අනාගතයක් ගොඩනැගීම සඳහා සහයෝගී ක්‍රියාමාර්ග දිරිමත් කිරීම, මෙන්ම ඒ සඳහා ප්‍රතිපත්ති සම්පාදකයින්, සෞඛ්‍ය සේවා වෘත්තිකයින්, පර්යේෂකයින් සහ සිවිල් සමාජ සංවිධාන අතර සංවාදය ශාක්තිමත් කිරීම ද අරමුණු කරගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවේ දුම්කොළ සහ දුම්පානය, නැවැත්වීමේ ජාතික වැඩසටහනක අවශ්‍යතාව පිළිබඳව නවසීලන්ත ඔක්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ ජනගහන සෞඛ්‍ය පාසලේ මහජන සෞඛ්‍ය පිළිබඳ මහාචාරය ක්‍රිස් බුලන් (Prof.chris Bullen) විසින් සුම් තාක්ෂණය ඔස්සේ ප්‍රධාන දේශනය සිදු කරන ලද අතර, දුම්පානය නැවැත්වීමේ උපාය මාර්ග, දුම්පානය සහ වසන රෝග, දුම්පානය නැවැත්වීමේ මුලපිරීම් සහ ක්‍රියාකාරී සැලසුම්, දුම්පානය නැවැත්වීම සඳහා සාක්ෂි මත පදනම් වූ විද්‍යාත්මක ප්‍රවේශයන් පිළිබඳව ද මෙහිදී දේශණ පවත්වන ලැබුවා.

දුම්කොළ පරිභෝජනය අඩු කිරීමේ දී රජයේ කාර්යභාරය පිළිබඳ මෙහිදී සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි දීර්ඝ ලෙස අදහස් දක්වන ලදී. එහි දී ලෝකයේ වළක්වා ගත හැකි පිරණ වලට ප්‍රධානතම හේතුවක් ලෙස දුම්කොළ භාවිතය බව පෙන්වා දුන් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා දුම්කොළ ආශ්‍රිත රෝගී තත්ත්වයන් මෙරට සෞඛ්‍ය සේවා පද්ධතියට, ආර්ථිකයට සහ පවුල්වලට විශාල බරක් පටවමින් පවතින බව ද පවසා සිටියා.

රජයේ ප්‍රධාන අරමුණ රටේ ජනතාව රෝග වලින් තොරව සතුටින් තැබීම බවත්, රෝග වලට ලක්වීමට ඉඩහැර ප්‍රතිකාර කිරීම සෞඛ්‍ය අංශයේ අරමුණ නොවන බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පෙන්වාම දුන්නා.

ශ්‍රී ලංකා රජය දුම්කොළ පාලනය මහජන සෞඛ්‍ය ජාතික ප්‍රමුඛතාවයක් ලෙස පිළිගෙන ඇති බවත්, අපගේ වගකීම වන්නේ දුම්කොළ නිසා ඇති වන රෝග වලට ප්‍රතිකාර කිරීම පමණක් නොව රෝග ඇතිවීමට පෙර ඒවා වැළැක්වීම බවද අමාත්‍යවරයා අවධාරණය කරනු ලැබුවා.

දුම්පානය සියයට සියයක්ම වළක්වා ගත හැකි දෙයක් බවත්, ජනතාව ඉබේ හසුවන උගුලක් මෙහි වන බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා දුම්පානය මෙරටින් තුරන් කිරීම රජයේ උත්සාහය බව ද සඳහන් කළා.

දුම්කොළ පරිභෝජනය අඩු කිරීම සඳහා ශ්‍රී ලංකාව වසර ගණනාවක් පුරා වැදගත් පියවර රැසක් ගෙන ඇති බවත්, මෙම පියවර ක්‍රියාත්මක කරන ලද්දේ හුදෙක් රෙගුලාසි ලෙස නොව, ජීවිතාරක්ෂක මැදිහත්වීම් ලෙස බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පවසා සිටියා.

තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා රජය දුම්කොළ නිෂ්පාදන සඳහා බදු අඛණ්ඩව වැඩි කර ඇති බවත් දුම්කොළ කර්මාන්තය බොහෝ විට තරුණයින් ඉලක්ක කරන්නේ වක්‍ර අලෙවිකරණය සහ ආකර්ශනීය නිෂ්පාදන සැලසුම් හරහා බවත් රජයක් ලෙස, නව ආකාරයේ සියලු නිකොටින් ඇබ්බැහිවීම් වලට එරෙහිව සුපරීක්ෂාකාරීව සිටිය යුතු බවත්, වෙනස්වන අභියෝග සමඟ අපගේ ප්‍රතිපත්ති පරිණාමය විය යුතු බව ද අවධාරණය කරනු ලැබුවා.

දුම්කොළ පාලන ප්‍රතිපත්ති තවදුරටත් ශක්තිමත් කිරීම, කරුණයින් ඇතුළු අනාගත පරම්පරාවන් ආරක්ෂා කිරීම සහ සෞඛ්‍ය සම්පන්න ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා රජයේ කැපවීම තහවුරු කරන බවත්, සෞඛ්‍ය සම්පන්න ජාතියක් යනු ශක්තිමත් ආර්ථිකයක, ඵලදායී සමාජයක සහ සමෘද්ධිමත් අනාගතයක පදනම වන බැවින් දුම්කොළ පරිභෝජනය අඩු කිරීම සෞඛ්‍ය අරමුණක් පමණක් නොව එය ජාතික සංවර්ධනයේ ප්‍රමුඛතාවයක් බව ද මෙහි දී අමාත්‍යවරයා සඳහන් කළා.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඡේයෂ්ඨ නිලධාරීන්, Respire ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ සම ඒකාබද්ධ ප්‍රධානි මහාචාර්ය සාවිත්‍ර වීමලසේකර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය රාජේෂ් සම්භාජිරාඕ පාරෝ (Dr. Rajesh Sambhajirao Pandav), කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මනෝ චිකිත්සාව පිළිබඳ සම්මානනීය මහාචාරය, දියනාත් සමරසිංහ, වයඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය දුෂාන්ත මාදේගෙදර, දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ මහාචාර්ය හේමන්ත අමරසිංහ, රජරට විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පියාධිපති ආචාර්ය මනෝජ් ප්‍රනාන්දු, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එච්. එම්. පී. හේරත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නියෝජිතයින් සහ දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ (NATA) නියෝජිතයින්, වෛද්‍යවරුන්, විශ්ව විද්‍යාල විද්වතුන්, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ (SLMA) සාමාජිකයින් සහ ADIC, සර්වෝදය සහ CCT ඇතුළු රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.16
01:00:38
Video thumbnail
වසර 42 කට පසු කලාවැවේ ජල කාන්දුව වසන්න සුසිල් යයි
01:54
Video thumbnail
ත්‍රීරෝද රථයක් උඩට පයිනස් ගසක් වැටී සිදුවූ බිහිසුණු අනතුර
01:33
Video thumbnail
අවු:76ක සා#ඵය ගැන රාජිත ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න අමතයි..මේක සා#ඵයක්ද ?
11:18
Video thumbnail
පාස්කු ප්‍ර#රය ගැන රාජිත කළ ප්‍රබල හෙළිදරව්ව - ස##න්ලා මැ#න්නේ නෑ ගෝඨාභයලා බලයට ගේන්න
05:49
Video thumbnail
රනිල් - අනුර අතර සාකච්ඡාවක් තිබුණද ? - රනිල් අනුරට ගොඩක් උදව් කළා
02:07
Video thumbnail
ඉස්සර නාමල්ට වඩා දැන් නාමල් හරි පරිණතයි..මහින්ද කරපු දේම කරන්නේ - නාමල් ගැන හොඳ කිව්ව රාජිත
03:02
Video thumbnail
මරික්කාර්ගේ ප්‍රකාශයට රාජිතගෙන් සැර කතාවක් - මං රටේ කුඩාම පක්ෂයේ ඉදලා දන්නවා
10:57
Video thumbnail
Praharaya| හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:36:43
Video thumbnail
රනිල් ළඟ ඉන්න අයම එයා ගැන දන්නේ නෑනේ - පාර්ලිමේන්තු පැමිණීම ගැන කවියකින්ම කිව්ව රාජිත
03:47