Empty Ad
AFC Banner
AFC Banner

දිස්ත්‍රික්ක 24ට බලපෑ ආපදා තත්ත්වය ක්‍රම‍යෙන් අඩුවීමක් – ආපදාවක් නම් 117ට අමතන්න (වීඩියෝ)

දිස්ත්‍රික්ක 24ට බලපෑ ආපදා තත්ත්වය ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එහි අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා අද (29) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ අවතැන් වූවන් සඳහා තවදුරටත් සහන සැලසීමේ සේවා ක්‍රියාත්මක කර ඇති බවයි.

ආපදාවන්ට ලක් වූ පිරිස සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමුකර තිබෙන බව ද අධ්‍යක්ෂවරයා පැවසුවා.

නිරිතදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පවතින ගැඹුරු පීඩන අවපාතය අද උදෑසන වනවිට ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 240ක් සහ කන්කන්තුරය සිට කිලෝමීටර් 290ක් පමණ නැගෙනහිර කලාපයේ ස්ථානගතව තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබෙනවා.

මේ හේතුවෙන් උතුරු, උතුරු-මැද පළාත් වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී.100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවත්, බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වල ගාල්ල මාතර සහ මහනුවර දිස්ත්‍රික්කයේ තරමක තද වැසි ඇතිවිය හැකි බවත් නිවේදනය කර ඇති බවයි ආපදා කළමනාකාරණ මධ්‍යස්ථානය පැවසුවේ.

පසුගිය දිනවල පැවති ආපදා තත්ත්වයන් සළකා බැලීමේ දී දිස්ත්‍රික්ක 24 ක පවුල් 132,110කට අයත් පුද්ගලයින් 441,590 ක් පීඩාවට පත් වී තිබෙනවා.

නිවාස 102 ක් පුර්ණ හානි සිදු වී ඇති අතර අර්ධ හානියට පත් වූ නිවාස ගණන 2096ක් බවයි ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ.

සුරක්ෂිත මධ්‍යස්ථාන 347ක්, පවුල් 12,348කට අයත් පුද්ගලයින් 38,616ක් සුරක්ෂිත මධ්‍යස්ථානවල රැඳී සිටින බවත් වාර්තා වනවා.

ඥාති නිවාසවල ජීවත් වන පවුල් සංඛ්‍යාව 45,329ක් වන අතර එතුළ පුද්ගලයින් 115,319 ක් සිටිනවා.

අද දිනය වන විට මියගිය සංඛ්‍යාව 13ක් බවත් තුවාල සිදුවීම් 20ක් වාර්තා වන බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළා.

තවමත් එක් අයෙකු අතුරුදන් බවයි පැවසෙන්නේ.

මාර්ග අවහිරවීම් සළකා බලන විට වැලිමඩ, උඩුපුස්සැල්ලාව, පස්සර, මඩොල්සිම මාර්ගය නායායාම්, පස් කඳු කඩාවැටීම් නිසා වාහන ගමන් කළ නොහැකි බවත් වාර්තා වනවා.

ආපදා තත්ත්වය හේතුවෙන් මහජනතාවට යම් ගැටලුවක් පවතී නම් හදිසි ඇමතුම් අංක 117 යන දුරකථන අංකයට ඒ බව දන්වන ලෙසයි මෙහිදී වැඩිදුරටත් අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩි පාට් දැම්ම මහා මොල් හිමියන්ට නලීන් හේවගේ සැරට අමතයි
02:07
Video thumbnail
නලීන් හේවගේ දිලිත් ජයවීර නැත්තට නැති කරයි #nalinhewage #dilithjayaweera
01:47
Video thumbnail
බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සාමාජිකයන්ද සහභාගී වූ ගාල්ලේ නත්තල් දේව මෙහෙය
06:47
Video thumbnail
දේශපාලන පරමාර්ථ ඉෂ්ඨ කරගන්න මහින්ද රාජපක්ෂගේ ආරක්ෂවා අඩු කරන්න එපා
04:07
Video thumbnail
ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි - හරවත් සිංදුවක් අහලත් ඉවරයි
02:09
Video thumbnail
තේරුමක් තියෙන සිංදු අහන්න පුළුවන් කලාකරුවන් නැතිවීම - අපිට ලොකු පාඩුවක්
01:10
Video thumbnail
ප්‍රියා සූරියසේනට අවසන් ගෞරව දක්වන්න සජිත් ප්‍රේමදාසත් පැමිණෙයි
03:08
Video thumbnail
SBගෙන් ආණ්ඩුවට ගුරුහරුකම් - මෙන්න රට කරන්න ඕන හරිම විදිය
08:12
Video thumbnail
Breaking News🛑බණ්ඩාරවෙලදී සිදුවුණු බිහිසුණු රිය අනතුර
02:54
Video thumbnail
උගණ්ඩාවේ සල්ලි දැන් අරන් වරකෝ - අපිලගේ සාදු ෆයර් වෙයි - කොට්ටහච්චිට හොඳවෑන් දෙසයි
05:08

?