spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දිල්ලි දුම්රියපොළේ දී විදුලි සැර වැදී කාන්තාවක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට ඊයේ රාත්‍රියේ සිට නොකඩවා ඇදහැලෙන වර්ෂාවත් සමඟ නවදිල්ලි දුම්රිය ස්ථානයේ ජල ගැලීම් මධ්‍යයේ විදුලිසැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ නැගෙනහිර දිල්ලියේ ප්‍රීත් විහාර්හි පදිංචි සක්ෂි අහුජා නැමැති කාන්තාවක් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෙම කාන්තාව තවත් කාන්තාවන් දෙදෙනකු සහ දරුවන් තිදෙනකු සමඟින් අද (25) අලුයම 5:30 ට පමණ දුම්රිය ස්ථානයට පැමිණ ඇත්තේ අධික වැසි මධ්‍යයේයි.

එලෙස පැමිණි මෙම කාන්තාව වර්ෂාවත් සමඟ නවදිල්ලි දුම්රිය ස්ථානයට ගැලූ ජලයෙන් වැළකී සිටින්නට අසල තිබූ විදුලි කණුවක් අල්ලාගෙන සිට තිබෙනවා.

එම අවස්ථාවේ දී ඇයට මෙලෙස විදුලි සැර වැදී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එහිදී ඇයව වහාම රෝහල වෙත ගෙන ගොස් ඇති අතර එහිදී වෛද්‍යවරයා ඇය මියගොස් ඇති බව පවසා තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සක්ෂි අහුජාගේ සොහොයුරිය අදාළ බලධාරීන්ගේ නොසැලකිල්ල සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කර ඇති බවයි රටම මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

දුම්රිය ස්ථානයට පැමිණ සක්ෂි විසින් අල්ලාගෙන සිටි කණුවේ පතුලේ නිරාවරණය වූ විදුලි කම්බි දැකගන්නට තිබී ඇති අතර, එය අනතුරට හේතු වන්නට ඇතැයි සැක කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
17
+1
4
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?