දිල්ලි කැපිටල්ස් IPL තරගාවලියෙන් ඉවතට

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්ලේ ඕෆ් වටයෙන් ඉවත් වූ පළමු කණ්ඩායම බවට ඩේවිඩ් වෝනර් ප්‍රමුඛ දිල්ලි කැපිටලස් කණ්ඩායම පත්වුණා.

ඒ, ඊයේ (13) රාත්‍රියේ පන්ජාබ් කිංග්ස් සමඟ පැවති තරගය ලකුණු 31කින් පරාජයට පත්වීමත් සමඟයි.

මෙවර තරගාවලියේ මේ වනවිට තරග 12කට ක්‍රීඩාකර ඇති දිල්ලි කැපිටලස් කණ්ඩායම ජයගෙන ඇත්තේ තරග හතරක් පමණයි.

දිල්ලි කණ්ඩායමට ඕෆ් වටයේ ඉතිරිව ඇති මීළඟ තරග දෙක ජයගත්ත ද සුපිරි සිව්දෙනාගේ තරග වටයට පිවිසීම අපහසු වනවා.

මේ අතර මෙවර තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන හතර තුළ ගුජරාට් ටයිටන්ස්, චෙන්නායි සුපර් කිංග්ස්, මුම්බායි ඉන්දියන්ස් සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම් රැඳී සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
2
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?